2026 නොවැම්බර් 24, පෙ.ව. 12:12
ඉන්දියාවේ පවතින එල්නිනෝ කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙරටට ආනයනය කරන ඇතැම් භාණ්ඩවල මිල ඉහළ යාමේ අවදානමක් පවතින බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසනවා.
කෙසේ වෙතත්, උත්සව සමය තුළ මෙරටට අවශ්‍ය අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව සැපයීමට ආනයනකරුවන් එකඟතාව පළ කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළා.
ඒ සඳහා විකල්ප වෙළෙඳපොළ සොයා බැලීමට ද ආනයනකරුවන් එකඟ වී තිබෙනවා.
උත්සව සමයේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල ඉහළ යාම පාලනය කිරීමේ අරමුණින් වෙළෙඳ අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.
එහිදී ආනයනකරුවන් පෙන්වා දී ඇත්තේ වියළි මිරිස් හැර අනෙකුත් සියලුම ආනයනික භාණ්ඩ කිසිදු බාධාවකින් තොරව මෙරට වෙළෙඳපොළට සැපයීමට හැකියාව පවතින බවයි.
වියළි මිරිස් ආනයනයේදී මතුව ඇති ගැටලුව එහි තෙතමන ප්‍රතිශතය ඉහළ යාම බව අමාත්‍යවරයා සඳහන් කළා.
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ ප්‍රමිතීන්ට අනුව මෙරටට ආනයනය කරන වියළි මිරිස් තොග නිදහස් කර ගැනීම සඳහා ඒවායේ තෙතමන ප්‍රතිශතය සියයට 12ට අඩු විය යුතු වනවා.
එහෙත් ඉන්දියාවේ පවතින අධික වර්ෂාපතනය සහ එල්නිනෝ තත්ත්වයේ බලපෑම හේතුවෙන් ඇතැම් මිරිස් තොගවල තෙතමන ප්‍රතිශතය සියයට 13ත් 14ත් අතර මට්ටමක පවතින බැවින් ඒවා අඩංගු බහාලුම් නිදහස් කර ගැනීමේදී ප්‍රමාදයන් මතුව ඇති බව ද ඔහු පවසනවා.
මෙය වෙළෙඳපොළේ මිරිස් හිඟයක් නොව, ආනයනය කරන මිරිස් තොග ප්‍රමිතීන්ට අනුකූලව නිදහස් කර ගැනීමේදී මතුව ඇති ගැටලුවක් බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.
මෙම තත්ත්වය ඉදිරියටත් පැවතුණහොත් මෙරටට ලැබෙන මිරිස් තොගවල තෙතමන මට්ටම ඉහළ යාමේ අවදානමක් පවතින බැවින් ලබන මාර්තු මාසය දක්වා ක්‍රියාත්මක කළ හැකි අන්තර්කාලීන වැඩපිළිවෙළක් සකස් කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන ලෙස ආනයනකරුවන් ඉල්ලීමක් කර තිබෙනවා.
මේ අතර, සැපයුම් ගැටලු ප්‍රයෝජනයට ගනිමින් වියළි මිරිස් ඇතුළු භාණ්ඩවල මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට වෙළෙඳුන් කටයුතු කළහොත් රජය මැදිහත් වන බව ද අමාත්‍යවරයා පවසනවා.
වෙළෙඳපොළේ ඉල්ලුම සහ සැපයුම මත මිල තීරණය වීම රජයේ අපේක්ෂාව වුවද, පවතින තත්ත්වය අවභාවිත කරමින් පාරිභෝගිකයන් සූරාකෑමට කටයුතු කළහොත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සහ පාරිභෝගික සේවා කවුන්සිලය හරහා අවශ්‍ය පියවර ගෙන පාලන මිලක් නියම කිරීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියා.
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:00
24-11-26
24-11-26
24-11-26
24-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
20-11-26
20-11-26