hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 20, පෙ.ව. 12:07



ජාතික පොත් ව්‍යාපාරිකයන්ගේ සංගමය තීරණය කර තිබෙන්නේ අයවැයෙන් පාසල් පොත් සඳහා ලබා දුන් සහනය සැලකිල්ලට ගනිමින් පාසල් අභ්‍යාස පොත්වල මිල දෙසැම්බර් 01 වනදා සිට සියයට 18 කින් පහළ දැමීමටයි.

අභ්‍යාස පොත් සහ මුද්‍රිත පොත් සඳහා පනවා තිබූ සියයට 18 ක වැට් බද්ද සම්පූර්ණයෙන්ම ඉවත් කරන බව 2027 වර්ෂය සඳහා අයවැය ඉදිරිපත් කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කළේය.

ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේ අධ්‍යාපනික උපකරණ සහ පොත් පත් මහජනතාවට වඩාත් දැරිය හැකි මිලකට ලබා දීම මෙන්ම කියවීමේ පුරුද්ද මෙන්ම දැනුම ප්‍රවර්ධනය කිරීම මෙම තීරණයේ මූලික අරමුණ බවයි.

එම තීරණයට අනුව පාසල් අභ්‍යාස පොත්, මුද්‍රිත පොත් පත්, ශබ්දකෝෂ සහ විශ්වකෝෂ ළමා චිත්‍ර සහ පාට කිරීමේ පොත් ආදිය වැට් බද්දෙන් සම්පූර්ණයෙන්ම නිදහස් වේ. අයවැයෙන් බදු අඩු කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය මාධ්‍ය හමුවක් පවත්වමින් අදහස් පළ කර ඇත.

මේ අතර ජනාධිපතිවරයා අයවැයෙන් ලබා දුන් බදු සහනය සම්බන්ධයෙන් සහාය පළ කරමින් ජාතික පොත් ව්‍යාපාරික සංගමය ද ලබන දෙසැම්බර් පළමුවනදා සිට අභ්‍යාස පොත් 18%කින් අඩු කර අලෙවි කිරීමට එම සංගමය තීරණය කර ඇති අතර පොත් සඳහා වැට් බදු අඩු කිරීම පිළිබඳ දෙමාපියන් ද ප්‍රසාදය පළ කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: