2026 නොවැම්බර් 19, ප.ව. 2:38
වත්මන් ඉහළ ජීවන වියදමට ගැළපෙන ආකාරයේ පරිපූර්ණ වැටුප් වැඩිවීමක් වත්මන් රජය මඟින් මෙතෙක් සිදුකර නොමැති බවත්, ඉදිරිපත් කළ නව අයවැය ලේඛනය හරහා ද එය ඉටු නොවූ බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කරයි.
අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, ජීවන වියදමට සරිලන සැබෑ වැටුප් වැඩිවීමක් ලබාදීම කෙරෙහි ඉදිරි අයවැයකදී අවධානය යොමුකිරීමට රජයට සිදුවන බවයි.
අයවැය ලේඛනයක් යනු පවතින සියලු ගැටලුවලට එකවර අවසන් විසඳුම් ලබාදෙන මාධ්‍යයක් නොවන බව පෙන්වා දුන් ඒ මහතා, අමාත්‍යාංශ මට්ටමින් සිදුකෙරෙන සාකච්ඡා මෙන්ම ජාතික වැටුප් කොමිෂන් සභාව හරහා ද අයවැයෙන් පරිබාහිරව වැටුප් සහ වෘත්තීය ගැටලුවලට විසඳුම් සෙවීමේ හැකියාව පවතින බව සඳහන් කළේය.
දීර්ඝ කාලයක් වෘත්තීය සමිති ව්‍යාපාරයේ නිරත වූ නායකයෙකු ලෙස තමන්ට ඒ පිළිබඳ මනා අවබෝධයක් ඇති බව සිහිපත් කළ ලාල්කාන්ත මහතා, ඉල්ලීම් මුල් කරගනිමින් සාකච්ඡා කිරීමට මෙන්ම උද්ඝෝෂණ කිරීමටද වෘත්තීය සමිතිවලට පූර්ණ අයිතියක් ඇති බවත්, ඒ පිළිබඳව රජයේ කිසිදු අමනාපයක් නොමැති බවත් පැවසීය.
රජයක් කොතෙක් දේ ලබාදුන්නද වෘත්තීය සමිති ඉල්ලීම් ඉදිරිපත් කිරීම සාමාන්‍ය තත්ත්වයක් බවත්, රජය මුහුණ දී ඇති සැබෑ ආර්ථික තත්ත්වය පිළිබඳව රාජ්‍ය සේවකයින්ට මනා අවබෝධයක් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
2026 නොවැම්බර් 19, පෙ.ව. 11:16
2026 නොවැම්බර් 19, පෙ.ව. 9:48
2026 නොවැම්බර් 19, පෙ.ව. 9:32
2026 නොවැම්බර් 19, පෙ.ව. 12:37
2026 නොවැම්බර් 19, පෙ.ව. 12:34
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
17-11-26
17-11-26
17-11-26
17-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26