2026 නොවැම්බර් 16, පෙ.ව. 12:14
පසුගිය රජයන් විසින් විවිධ සමාගම් සමඟ එළැඹ ඇති අහිතකර සහ අවාසිදායක ගිවිසුම් හේතුවෙන් ගෑස් සහ ඉන්ධන මිල ගණන් ඉහළ යාම පාලනය කිරීමට බාධා එල්ල වී ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍ය වෙත විශේෂ ප්‍රකාශයක් කරමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, බලශක්ති සහ ගෑස් සැපයුම් සමාගම් සමඟ පවත්නා එකී ගිවිසුම් කිසිසේත්ම මහජනතාවට හිතකර නොවන බවයි.
එම ඇතැම් ගිවිසුම්වල පවතින දැඩි කොන්දේසි හේතුවෙන් ඒවා ක්ෂණිකව වෙනස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇතත්, දීර්ඝකාලීනව මහජනතාවට සහන සැලසෙන අයුරින් එකී ගිවිසුම් සංශෝධනය කර ගැනීම සඳහා රජයක් ලෙස අරගලයක නිරත වන බව ද හෙතෙම අවධාරණය කළේය.
“විවිධ සමාගම් එක්ක ඉන්ධන වෙන්න පුළුවන්, ගෑස් වෙන්න පුළුවන් ඇතිකරගෙන තිබෙන මේ ගිවිසුම් ජනතාවට හිතකර ගිවිසුම් නෙවෙයි. මේවා වෙනස් කරන්න ගියාම සමහර ඒවා වෙනස් කරන්න බැරි තත්ත්වයක් තියෙනවා. නමුත් දීර්ඝකාලීනව මේ ගිවිසුම් වෙනස් කරගැනීම වෙනුවෙන් රජයක් විදියට අපි අරගලයක නිරත වෙනවා,” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
2026 නොවැම්බර් 16, පෙ.ව. 12:25
2026 නොවැම්බර් 16, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 16, පෙ.ව. 12:22
2026 නොවැම්බර් 16, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 16, පෙ.ව. 12:13
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
16-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26