hit counter

2026 නොවැම්‍බර් මස 16 වන සඳුදා

2026 නොවැම්‍බර් 16, පෙ.ව. 12:19



නර්තන ක්ෂේත්‍රයෙන් කලා ලොවට පිවිස, වර්තමානයේ ‘ඩාන්සිං ස්ටාර්’ විනිසුරුවරියක ලෙස මෙන්ම ‘නීල සමනලී’ ටෙලිනාට්‍යයේ රංගනයෙන් ද දස්කම් දක්වන සාරා අබේවර්ධන මෑතකදී සාකච්ඡාවකට එක්වෙමින් ඇගේ කලා ජීවිතය මෙන්ම පෞද්ගලික ජීවිතය ගැනත් බොහෝ දේ හෙළි කර තිබුණා.

“ඩාන්සිං ස්ටාර් ජජ් බෝඩ් එක කියන්නෙ මට නුපුරුදු තැනක් නෙමෙයි. මෙවර දරුවන්ගෙන් ලැබෙන තරගකාරීත්වය හරිම අගයනවා. මම ඩාන්සිං ස්ටුඩියෝ එක පටන් අරගෙන දැන් අවුරුදු තුනක් වෙනවා. මම නර්තනයට කොච්චර ඇලුම් කළත්, දැන් අලුත් පරම්පරාවට ඉඩ දීලා පොඩි බ්‍රේක් එකක් ගන්න ඕන කාලය මේක.”

රංගනයට පිවිසීම සහ ‘නීල සමනලී’:

“ඉස්සර ඉඳන්ම රඟපෑමට ආරාධනා ලැබුණත්, මම ඒවා ප්‍රතික්ෂේප කළේ දැනුම නැතුව අතගහන්න කැමති නැති නිසා. ‘මදර් ලංකා’ චිත්‍රපටයෙන් පස්සේ ආපු විශ්වාසයත් එක්ක තමයි මේ දවස්වල ‘නීල සමනලී’ ටෙලිනාට්‍යයේ ගජනායක ඇමැතිවරියගේ චරිතයෙන් මම රංගනයට එකතු වුණේ. ඒක දරදඬු, ආඩම්බර චරිතයක් වුණත් ගොඩක් අය බණිනවනම් මම හිතනවා මම ඒක හොඳින් කරනවා කියලා. ඉදිරියටත් FBI, පොලිස් වගේ දරදඬු චරිත කරන්න මම ගොඩක් කැමතියි.”

“මාව ගොඩක් දෙනෙක් දකින්නේ ෆැෂනබල් කැරැක්ටර් එකක් විදිහට. පොඩි කාලේ ඉඳන් අම්මා විවිධ ඇඳුම් අන්දවපු පුරුද්දක් ඒක. රංජන් අයියත් එක්ක බ්‍රෑන්ඩ් ඇම්බැසඩර් විදිහට එකතු වෙලා කරපු ප්‍රමෝෂන් වැඩකදී වෝටර් ට්‍රේඩ්මිල් එක පාවිච්චි කරපු වීඩියෝ එකක් තමයි අලුතින් වෛරල් වුණේ. රංජන් අයියත් එක්ක පාරක ඇවිදගෙන ගියත් ඉතින් වෛරල් වෙනවනෙ!”

“කවුවත් කවුරුත්ගේ කකුලෙන් අදින්න ඕන නැහැ. නිතරම තව කෙනකුට පුෂ් එකක් දෙන්න ඕන. මටත් දුවෙක් ඉන්න නිසා මම කැමතියි අලුත් පරම්පරාව අපිට වඩා ඉදිරියට යනවට. මගේ දුවත් මොන වෘත්තිය කළත් හොඳ ගුණ යහපත් මිනිස්සු වෙන්න ඕන කියන එකයි මගේ එකම පැතුම.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: