2026 නොවැම්බර් 15, පෙ.ව. 12:27
පාසල් ළමුන් ප්‍රවාහනය හා සංචාරක කර්මාන්තය ඉලක්ක කරගනිමින් වෑන් රථ සඳහා සහනයක් ලබා දෙන ලෙස කළ ඉල්ලීම් මෙවර අයවැයෙන් ඉටු වී නොමැති බවත්, පසුගිය කාලසීමාවට සාපේක්ෂව ඉදිරියේදී මෙරට වෙළෙඳපොළ තුළ වාහන මිල යම් ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාවක් පවතින බවත් වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරංචිගේ මහතා ප්‍රකාශ කරයි.
කොළඹදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පාසල් ප්‍රවාහන සේවා සපයන්නන් සහ සංචාරක ක්ෂේත්රයේ නියුතු වූවන් වෙනුවෙන් වෑන් රථ මිලදී ගැනීමට සහනදායී වැඩපිළිවෙළක් මෙවර අයවැය මඟින් බලාපොරොත්තු වූ නමුත් එම යෝජනා ඇතුළත් වී නොමැති බවයි.
එම සහනයන් ලැබීම බොහෝ දුරට 2028 වසර දක්වා කල් යනු ඇතැයි ද හෙතෙම විශ්වාසය පළ කළේය.
පසුගිය කාලසීමාවේ පැවති වෙළෙඳපොළ තත්ත්වය සහ ඉදිරි මිල වෙනස්වීම් පිළිබඳව වැඩිදුරටත් කරුණු පැහැදිලි කළ සභාපතිවරයා මෙසේද පැවසීය:
“පසුගිය කාලයේ ජනතාව අතර බලාපොරොත්තුවක් තිබුණා වාහන මිල විශාල වශයෙන් පහත බසීවි කියලා. ඒ හේතුවෙන් බොහෝ පාරිභෝගිකයන් වාහන මිලදී ගැනීම පමා කළා. වෙළෙඳපොළේ වාහන මාස තුනකට වඩා තබා ගැනීමට නොහැකි වීම සහ පනවා ඇති 50%ක අධිභාරය ගෙවීමට සිදුවීම නිසා බොහෝ වෙළෙන්දන්ට සිදු වුණා තමන්ගේ වාහන පිරිවැයටත් වඩා අඩු මිලකට පාඩු පිට විකුණා දමන්න. නමුත් දැන් එම තත්ත්වය ක්‍රමයෙන් වෙනස් වෙමින් පවතිනවා.
මේ වන විට වෙළෙඳපොළේ අඩු මිලට තිබූ වාහන තොග සෑහෙන දුරට අවසන් වෙමින් පවතින්නේ. ඉදිරියේදී වෙළෙඳපොළට අලුතින් වාහන ගෙන්වා සාධාරණ ලාභයක් සහිතව අලෙවි කිරීමට නම්, ව්‍යාපාරිකයන්ට වර්තමාන වෙළෙඳපොළ මිලට වඩා වැඩි මිලක් නියම කිරීමට සිදු වෙනවා. ඒ නිසා පසුගිය කාලයේ වාහන අලෙවිකරුවන් ලැබූ පාඩුවත් සමඟ සසඳන විට, ඉදිරියේදී වෙළෙඳපොළේ වාහන මිල යම් මට්ටමකින් ඉහළ යාම නොවැළැක්විය හැකියි.”
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:32
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:29
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 15, පෙ.ව. 12:17
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
15-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
14-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26