2026 නොවැම්බර් 17, පෙ.ව. 12:23
නැව් මඟින් මෙරටට ගොඩබාන සැබෑ පිරිවැයට ඉන්ධන ලබාදීමට කටයුතු කළහොත්, ජනතාවට දැනට පවතින මුදලටත් වඩා වැඩි මිලක් ගෙවීමට සිදුවන බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා ප්‍රකාශ කරයි.
ජනතාව වෙත ඉන්ධන සහනයක් ලබාදීම වෙනුවෙන් රජය මාසිකව බිලියන ගණනක අතිරේක පිරිවැයක් දරන බව පෙන්වා දෙන නියෝජ්‍ය අමාත්‍යවරයා, විපක්ෂය හෝ ඇතැම් පාර්ශ්ව ඉල්ලා සිටින ආකාරයට ගොඩබාන මිලටම ඉන්ධන නිකුත් කළහොත් පාරිභෝගිකයා මත පැටවෙන බර මීට වඩා ඉහළ යන බව සඳහන් කළේය.
එමෙන්ම දේශීය ගෑස් වෙළෙඳපොළ පිළිබඳව ද අදහස් දැක්වූ ඒ මහතා, පෞද්ගලික අංශය විසින් සිය ගෑස් මිල ඉහළ දැමුව ද රජය සතු සමාගම මගින් ජනතාව වෙනුවෙන් අඩු මිලට ගෑස් සැපයීමට ක්‍රියාකර ඇති බව අවධාරණය කළේය.
වත්මන් රජය සිදුකර ඇත්තේ වැටුප් ඉහළ දැමීම පමණක් නොවන බවත්, මෙවැනි අත්‍යවශ්‍ය භාණ්ඩ සඳහා විශාල මූල්‍ය ප්‍රතිපාදන වෙන් කරමින් ජනතාවට සහන සලසමින් සිටින බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
ගෝලීය වෙළඳපොළේ බොරතෙල් මිලෙහි සිදුවන වෙනස්වීම් මත මෙරට මාසික ඉන්ධන මිල සංශෝධන සූත්‍රය ක්‍රියාත්මක වන අතර, රජය විසින් ඉන්ධන සඳහා අය කරනු ලබන බදු ඉවත් කර ගොඩබාන මුදලටම ජනතාවට ඉන්ධන ලබාදිය යුතු බවට විපක්ෂ කණ්ඩායම් හා වෘත්තීය සමිති දිගින් දිගටම චෝදනා නඟමින් සිටියි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම කරුණු පැහැදිලි කරනු ලැබුවේ එම විවේචනවලට පිළිතුරු ලබාදෙමිනි.
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 17, පෙ.ව. 12:14
17-11-26
17-11-26
16-11-26
16-11-26
15-11-26
15-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
13-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
12-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26