2026 නොවැම්බර් 11, ප.ව. 2:46
ශ්‍රී ලංකාව තුළ නියමුවන් රහිත විදුලියෙන් බලගැන්වෙන මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා සේවාව හඳුන්වා දීමේ මූලික පියවරක් ලෙස, එහි පළමු නිල නිරූපණ අත්හදා බැලීම අද (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී සිදු කෙරිණි.
මෙම ව්‍යාපෘතිය සඳහා චීනයේ ‘EHang’ (යී හැන්ග්) සමාගම විසින් නිෂ්පාදිත, ධාවන පථයක අවශ්‍යතාවකින් තොරව සිරස් අතට ගුවන්ගත වීමට හා ගොඩබැසීමට හැකි (eVTOL) වර්ගයේ මගී ඩ්‍රෝන යානා යොදා ගනු ලබයි.
මෙහි පළමු නිල නිරූපණ අත්හදා බැලීම සිදුවූයේ අමාත්‍ය අනුර කරුණාතිලක සහ නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙනි.
ඒ අනුව මගී ප්‍රවාහන ඩ්‍රෝන යානා පළමු පරීක්ෂණ පියාසැරියට එක්වීමට අමාත්‍ය අනුර කරුණාතිලක මහතාට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයකි.
“මට දැනුණේ මම අහසේ පියාසර කරනවා වගෙයි” යනුවෙන් ඩ්‍රෝන යානාව ගොඩබෑමෙන් පසු අමාත්‍ය අනුර කරුණාතිලක මහතා ඔහුගේ අත්දැකීම පැවසීය. ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ ප්‍රථම මගී ඩ්‍රෝන ප්‍රවාහන පසුකම හිමි රට බවට පත්වීමට මේ හරහා අවස්ථාව නුදුරේදීම හිමිවන බවත් අමාත්‍යවරයා කියා සිටියේය.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍ය කොඩිතුවක්කු මහතා පැවසුවේ ඩ්‍රෝන යානා භාවිතා කරමින් වාණිජ මගී ප්‍රවාහන මෙහෙයුම් ඉදිරි මාස හය තුළ ආරම්භ කිරීමට අපේක්ෂා කරන බවත් මෙම ව්‍යාපෘතියේ දිගුවක් ලෙස භාණ්ඩ ප්‍රවාහන සේවා ක්ෂේත්රයට ද මෙම තාක්ෂණය ශ්‍රී ලංකාවේ දී මුසුකර ගැනීමට සැළසුම් කර ඇති බවත් පැවසීය.
මගීන් දෙදෙනෙකුට ගමන් කළ හැකි ‘E216’ වර්ගයේ ඩ්‍රෝන යානයක් මේ සඳහා මේ වන විටත් මෙරටට ගෙන්වා ඇති අතර, පසුගිය අගෝස්තු මාසයේදී වරාය හා සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය සහ චීන නියෝජිතයින් අතර පැවති සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම කටයුතු ආරම්භ විය.
මෙම ව්‍යාපෘතිය මුල් අදියරේදී, කොළඹ වරාය නගර පරිශ්‍රයේදී මාස හයක කාලයක් පරීක්ෂණ මට්ටමින් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ප්‍රචාලක 16කින්, බැටරි කට්ටල 12කින්, පියාසැරි පාලන පද්ධති තුනකින් සහ ඒකාබද්ධ පරිගණක පද්ධතියකින් සමන්විත මෙම යානය, මධ්‍යම පාලන මධ්‍යස්ථානයක් හරහා දුරස්ථව මෙහෙයවනු ලබයි.
එමෙන්ම, හදිසි සන්නිවේදන බිඳවැටීමකදී ස්වයංක්‍රීයව ආරක්ෂිතව ක්‍රියාත්මක වීමේ නවීන තාක්ෂණික ආරක්ෂක යාන්ත්‍රණ ද මෙයට ඇතුළත්ය.
මෙම නවීන ප්‍රවාහන ක්‍රමය සාර්ථක කර ගැනීම සඳහා සිවිල් ගුවන්සේවා අධිකාරිය, ආරක්ෂක අමාත්‍යාංශය, ගුවන් හමුදාව, විදුලි සංදේශ නියාමන කොමිසම සහ වරාය නගර ආර්ථික කොමිසම ඇතුළු ආයතන රැසක එකමුතුව හා සම්බන්ධීකරණය ලැබී ඇත. මගී ප්‍රවාහනයට අමතරව සංචාරක හා හදිසි සේවා සඳහා ද සහාය කරගත හැකි මෙම තාක්ෂණය ඔස්සේ, අනාගතයේදී සීගිරිය, පිදුරංගල සහ දූපත් ආශ්රිත සංචාරක කලාප වෙත සංචාරකයින් ගුවනින් ප්‍රවාහනය කිරීමේ නව මාවත් විවෘත කර ගැනීමට අපේක්ෂා කෙරේ.
2026 නොවැම්බර් 11, ප.ව. 5:22
2026 නොවැම්බර් 11, ප.ව. 1:49
2026 නොවැම්බර් 11, පෙ.ව. 11:12
2026 නොවැම්බර් 11, පෙ.ව. 11:09
2026 නොවැම්බර් 11, පෙ.ව. 10:22
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
10-11-26
10-11-26
10-11-26
10-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26