hit counter

2026 නොවැම්‍බර් මස 10 වන අඟහරුවාදා

2026 නොවැම්‍බර් 11, පෙ.ව. 12:10



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව යෝජනා කරන ටිංකරිං සංශෝධන කිසිසේත් එහි ඇති භයානකභාවය අඩු නොකරන බව හිටපු අධිකරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ අලී සබ්‍රී පවසයි.

ඔහු පෙන්වා දෙන්නේ මෙම පනතේ ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ දැක්වීමට ඕනෑම අයකු ඇතුළත් විය හැකි බවත් යමක් ත්‍රස්තවාදී ක්‍රියාවක්ද නැද්ද යන්න තීරණය කරන්නේ පොලිසිය බවත්ය.

සුරාබදු, කැලෑ කැපීම, බහු විවාහය පවා සංවිධානාත්මක අපරාධ ගණයට ඇතුළත් කර ඇති බවද මේ පනතට එක්සත් ජාතීන්ගේ සංවිධානය, මානව හිමිකම් කොමිසම ඇතුළු සියලු පාර්ශ්ව විරුද්ධ බවද හිටපු අධිකරණ ඇමතිවරයා පෙන්වා දෙයි.

2024 සැප්තැම්බර් වර්තමාන ආණ්ඩුව පත්වන විට පෝලිම් අවසන් කර ඩොලර් බිලියන 6ට ඉහළ දැමූ විදේශ සංචිත අවුරුදු දෙකක් පුරා වැඩිකර ඇත්තේ බිලියනයකින් පමණක් බවද සියයට 70 සිට ඍණ මට්ටමට ගෙන ආ උද්ධමනය නැවත 8.3 දක්වා ඉහළ ගොස් ඇති බවද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා වැඩි දුරටත් පැවසුවේ තවත් අවුරුදු 4ක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සිටීම වඩා හිතකර බවයි.

ජනාධිපති නීතිඥ අලී සබ්‍රි මේ බව සඳහන් කළේ හිරු සලකුණ දේශපාලන සංවාදයට එකතු වෙමිනි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: