2026 නොවැම්බර් 11, පෙ.ව. 12:37
පසුගියදා පැවැති වැඩසටහනකදී කඩුවෙල නගරාධිපති රංජන් ජයලාල් මහතා විසින් සිදුකර ඇති ප්‍රකාශයක් සම්බන්ධව ඊයේ (10) පැවැති කැබිනට් හමුවේදී ඇමති නලින්ද ජයතිස්ස මහතාගෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කරනු ලැබීය.
එහිදී පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා පැවසුවේ ජාතික ජන බලවේගයේ කිසිදු අයෙකු අල්ලස හෝ දූෂණයට මෙන්ම වංචාවන්ට සම්බන්ධ නොවන බවය.
කෙසේ නමුත් නගරාධිපතිවරයා යම් කිසි ප්‍රකාශයක් සිදුකර ඇත්නම් ඒ පිළිබඳව පක්ෂ අභ්‍යන්තරයෙන්ම විමර්ශන පැවැත්වෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.
එහිදී යම් පැමිණිල්ලක් ගොනු වේනම් පක්ෂ අභ්‍යන්තරයෙන් ඒ සම්බන්ධව විනය ක්‍රියාමාර්ග ගැනීමට පක්ෂයක් ලෙස සූදානම් බවද අමාත්‍යවරයා අද පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.
“එතුමා මොකක් අදහස් කළාද කියලා මම දන්නේ නෑ. අපේ කිසිම මහජන නියෝජිතයෙක් අල්ලසට, දූෂණයට, වංචාවට සම්බන්ධ වෙන්නේ නෑ. එහෙම කොතනක හරි පැමිණිල්ලක් තිබෙනවානම් ඒ සම්බන්ධයෙන් විමර්ශනය කරලා පක්ෂ අභ්‍යන්තරයෙන්ම විනය ක්‍රියාමාර්ග ගන්න අපි සූදානම්. නමුත් එතුමා මොකක්ද අදහස් කළේ කියන එක මම දන්නේ නෑ. එතුමා මොකක්ද අදහස් කළේ කියලා ඉස්සෙල්ලාම බලන්න ඕනේ. කන බොන කෑල්ල කිව්වාට පස්සේ කට් කළා. මම බැලුවා එතනින් එහාට මොකක්ද කියන්නේ කියලා එතනින් නතර වුණේ නෑ කතාව දිගට යන්න ඇති සම්පූර්ණ කතාව අහන්න ඕනේ මොකක්ද එතුමා අදහස් කළේ කියලා. මම හිතන්නේ නෑ අපේ කිසිම නගරාධිපතිවරයෙක්, සභාපතිවරයෙක් කිසිම කෙනෙක් එවැනි ආකාරයේ බලාපොරොත්තු ඇතිව කටයුතු කරයි කියලා. ඊට වඩා දේවල් පැත්තක තියලා තමයි මේ දේශපාලනයට ආවේ ඉතිං එවැනි දෙයක් බලාපොරොත්තු වෙන එක තේරුමක් නෑ.”
කඩුවෙල නගරාධිපති රංජයන් ජයලාල් පසුගියදා වැඩසටහනකදී සිදුකළ ප්‍රකාශය
“අපි දුක් විඳින්න ඕනේ නෑ. ඇත්ත කතාව ඒක. නගර සභාවේ ගත්තාත් සමහරුන්ගේ තියෙනවා මතයක් අපි බලයට ආවාට පස්සේ නගර සභාවට පෞද්ගලික ආයතනවලින් දෙසැම්බර් මාසයේ එනවානේ තෑගි පාර්සල් දැන් ඒවා එන්නේ නෑ. දැන් ඉන්නේ කනබොන අය නෙමෙයි. පොඩ්ඩක් ඇත්නම් ගමට මොනාද කළේ කියලා අහනවා. රාජ්‍ය ආයතනවලත් ඒ ගැටලුව තියෙනවා. ඉතිං ඒවාත් එහා ගනිමින් අපි මේ ගමන යන්නේ. අපි රාජ්‍ය ආයතනවලටත් කිව්වා මේ දෙසැම්බර් මාසේ මොනවා හරි දෙනවානම් කොටසක් ඒක දෙන්න. අපිත් හොඳට කන බොන මිනිස්සු අපි දන්නවා නගර සභාවට ගියාට පස්සේ කාලා තියෙන දේවල්”
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:12
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:11
11-11-26
11-11-26
10-11-26
10-11-26
10-11-26
10-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26