2026 නොවැම්බර් 10, පෙ.ව. 12:17
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එලඹෙන 12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත 2027 වසර සඳහා වන නව අයවැය ලේඛනය හරහා මෙරට ජනතාවට පුළුල් සහන රැසක් හිමිවනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පවසනවා.
ඔහු ප්‍රකාශ කළේ මෙරට ඉතිහාසයේ වැඩිම මුදලක් සංවර්ධන කටයුතු සඳහා වෙන් කරන වසරක් බවට ලබන වසර පත්වනු ඇති බවයි.
එමෙන්ම වත්මන් ආණ්ඩුව මඟින් ක්‍රියාත්මක කරනු ලබන නිවාස සංවර්ධන වැඩසටහන වෙනුවෙන් ඉදිරි වසර තුළ විශාල මුදල් ප්‍රතිපාදන ප්‍රමාණයක් වෙන් කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියා.
ටී.බී. සරත් මහතා සඳහන් කළේ ඉදිරි වසර 3 තුළ මෙරට වසන සියලු ජනතාවට ලස්සන නිවෙසක් තනා දීම ජනාධිපතිවරයා ප්රමුඛ රජයේ අපේක්ෂාව බවයි.
තවද, වත්මන් ආණ්ඩුවේ පස් අවුරුදු පාලන කාල සීමාව තුළ අඩු ආදායම්ලාභී පවුල් වෙනුවෙන් ක්‍රියාත්මක කෙරෙන නිවාස ව්‍යාපෘතිය අවසන් කිරීමට දැඩි උත්සාහයක් ගන්නා බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අදහස් දක්වමින් පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා
“ ලෝකයේ දකින දේට සමාන්තරව අපිත් වර්තමාන ආණ්ඩුව තමන්ගේ තේමා පාඨය තෝරගනිමින් මේ රටේ ජනතාවට ගෙවල් හදලා දෙමින් ඉන්නවා. ඉතින් ජනාධිපතිතුමා බලාපොරොත්තු වෙන්නේ අපේ පාලනයේ තව අවුරුදු 3ක් ඉස්සරහට යනකොට අපේ රටේ හැමෝටම ලස්සන හුරුබුහුටි ගෙයක් හදලා දෙන්න තමයි. මැටි ආශ්රිත ගෙවල් අවසන් කරන්න අපි උත්සහ ගන්නවා අපේ අවුරුදු පහ කාල සීමාව ඇතුලේ.
ඉතින් ලබන අවුරුද්දටත් මම හිතනවා මේ 12 වෙනිදා අයවැය ලේඛනය ඉදිරිපත් කරනවා. ඉතින් අයවැය ලේඛනය ඉදිරිපත් කරන කොට ජනාධිපතිතුමා අනිවාර්යයෙන්ම මේ වැඩසටහනට විශාල මුදලක් වෙන්කරයි කියලා අපි බලාපොරොත්තු වෙනවා. මොකද අනිවාර්යයෙන්ම ලංකාවේ ලොකු මුදලක් වෙන් කරන වසරක් බවට පත්වෙනවා ලබන වසර.
මේ 12 වෙනිදා ගොඩක් සහන දෙයි. ජනාධිපතිතුමාගේම හඬින් ලබන 12 වෙනිදා පාර්ලිමේන්තුවේදී අයවැය තියනකොටම අහමු මොකද අපි කිව්වොත් ඒක වැඩක් නෑනේ නේද? මේ 12 වෙනිදනේ කියවන්න ඕනි එතකොට ගොඩක් සහන ලැබෙයි කියලා විශ්වාසයක් තියෙනවා.”
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:32
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:30
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:10
09-11-26
09-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
02-11-26
02-11-26
01-11-26
01-11-26
01-11-26
01-11-26