2026 නොවැම්බර් 02, පෙ.ව. 12:34
ශ්රී ලංකාවේ උසස් අධ්යාපනය විශේෂයෙන්ම මෙරට විශ්වවිද්යාල පද්ධතිය දෙස බැලූ විට එහි පිරිමි දරුවන්ගේ විශාල හිඟයක් දක්නට ලැබෙන බව අග්රාමාත්ය හරිනි අමරසූරිය පවසනවා.
ඇය ප්රකාශ කළේ ලංකාවේ පවත්නා අධ්යාපනික ආයතන පන්ති කාමරය තුළ පිරිමි දරුවන් රඳවා තබා ගැනීමට අසමත්ව ඇති බවයි.
එලෙස පිරිමි දරුවන් අධ්යාපනය ඇතහැර දමන්නේ ඇයිදැයි යන්න සම්බන්ධයෙන් රජයත්, වගකිව යුතු පාර්ශ්වයන් සියල්ලත් ඒ සම්බන්ධයෙන් විමසා බැලිය යුතු බව අග්රාමාත්යවරිය සඳහන් කළා.
හරිනි අමරසූරිය මෙනවිය කියා සිටියේ දරුවන් පාසල් පැමිණෙන්නේ විභාග සමත් වීමට පමණක් නොවන බවයි.
නායකත්වය, කණ්ඩායම් හැඟීම් යනාදී ජීවිතයට අවශ්ය අගනාකම් සහ වටිනාකම් බොහොමයක් දරුවෙකු ලබාගන්නේ පාසල තුළින් බවත් ඒ හේතුවෙන් පාසල සියලු අගනාකම් හා වටිනාකම් ලබා දෙන තෝතැන්නක් බවට පරිවර්තනය කළ යුතු බව ඇය පවසා සිටියා.
අග්රාමාත්යවරිය අවධාරණය කළේ විශේෂයෙන් පිරිමි දරුවන් මහ සමාජයට පැමිණි විට ඔවුන් දුස් සමාජානුයෝජනයකට යොමු වුවහොත් සමාජය තුළ අතරමංව අර්බුධ ගණනාවකට මුහුණ දීමට ඔවුන්ට සිදුවනු ඇති බවයි.
ජීවිතය යනු පොත පතේ දැනුම පමණක්ම නොවන බව තවදුරටත් අදහස් දක්වමින් ඇය පැවසුවා.
වැඩිදුරටත් අදහස් දැක්වූ අග්රාමාත්ය හරිනි අමරසූරිය
“ විශේෂයෙන්ම උසස් අධ්යාපනයට ගියාම අපේ විශ්වවිද්යාලවල පිරිමි දරුවන් නැති තරම්. ඇයි අපේ පාසල්වලට අපේ අධ්යාපන ආයතනවලට පිරිමි දරුවන් විශේෂයෙන් පාසල තුළ, පන්ති කාමරය තුළ රඳවාගන්න බැරි වෙලා තියෙන්නේ. ඔවුන් හැලෙන්නේ ඇයි කියන එක මම හිතන්නේ අපි සියලු දෙනාම ඉතාමත් කල්පනාවෙන් හිතන්න ඕන දෙයක්. ඒක වෙනස් කරන්න ඕනි දෙයක්. ඉස්කෝලේ එන්නේ විභාග පාස් වෙන්න ඉගෙන ගන්න විතරක් නෙමෙයි.
නායකත්වය, කණ්ඩායම් හැඟීම, ජීවිතයට අවශ්ය වන වටිනාකම් බොහොමයක් අපිට පාසල තුළින් තමා ලබාගන්න ඕනි. එහෙනන් ඒක ලබා දෙන්න පුළුවන් පාසලක් බවට අපි සියලු පාසල් පත් කරන්න ඕනි. 12 පන්තිය, 13 පන්තිය වෙනකොට විශාල අභියෝගයක් ඇති ළමයිව පාසලේ තියාගන්න. දරුවන්ට ඒ ආදරය, රැකවරණය, ලබා දෙන තැනක් බවට ඉස්කොලේ පත් කරන එක අපිට විශාල අභියෝගයක්. නැත්නම් වෙන්නේ විශේෂයෙන්ම පිරිමි දරුවන් සමාජයට ගියාම අතරමං වෙනවා. අතරමං වීම තුළින්ම ඔවුන් විශාල අවදානම්වලට මුහුණ දෙනවා. සමාජය තුළ අර්බුධ ගණනාවක් තියෙනවා.
මත්ද්රව්ය පිළිබඳ අපිට විශාල ප්රශ්න තියෙනවා. අධයාපනය තුළත් මේවට අපිට විසඳුම් හොයන්න වෙනවා. ඒ නිසා ජීවිතය කියන්නේ පොත පතේ දැනුම විතරක් නෙමෙයි.”
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:17
01-11-26
01-11-26
01-11-26
01-11-26
31-10-26
31-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
30-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
29-10-26
28-10-26
28-10-26
28-10-26
28-10-26