hit counter

2026 ඔක්‍තෝබර් මස 28 වන බදාදා

2026 ඔක්‍තෝබර් 29, පෙ.ව. 12:24



ආයෝජකයන් මෙරටට පැමිණීමට මැළිකමක් දක්වන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳ පවතින ගැටලු හේතුවෙන් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.

වෙනත් රටක ආයෝජනයක් සිදු කිරීමේදී එම රටේ ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතිය ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව ආයෝජකයන් සැලකිලිමත් වන බවයි ඔහු පෙන්වා දෙන්නේ.

එමෙන්ම, වරාය නගරයේ දේශීය සමාගම් දෙකක් හරහා අමෙරිකානු ඩොලර් මිලියන 500ක ආයෝජන පවතින බවට කරන ප්‍රකාශ සම්බන්ධයෙන් ද මරික්කාර් මහතා ප්‍රශ්න කරන අතර චීනයෙන් වරායට ලැබුණු අමෙරිකානු ඩොලර් මිලියන 320ක ආයෝජනයක් ඉවත් කරගෙන ඇති බව ද ඔහු සඳහන් කළා.

ගල්අඟුරු හරහා සිදුවන පාඩු, කන්ටේනර් 323ක් සම්බන්ධ සිදුවීම, ආයෝජන ඉවත් කර ගැනීම සහ නව ආයෝජන නොපැමිණීම ඇතුළු කරුණු රැසක් පෙන්වා දෙමින් ඔහු කියා සිටියේ රට තුළ සිදුව ඇත්තේ වෙනසක් නොව විනාශයක් බවයි.

නව පනත හමුවේ මාධ්‍යවේදීන්ගේ පෑන සහ කැමරාව ආරක්ෂා කර ගැනීම සඳහා ද ඔවුන්ට වගකීමක් ඇති බව මරික්කාර් මහතා වැඩිදුරටත් කියා සිටියා.

ඒ සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් හඬ නැගීමට මාධ්‍යවේදීන් හට වගකීමක් ඇති බව ද ඔහු අවධාරණය කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: