hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:10



ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනුව, මහජනතාවට තම ප්‍රාදේශීය කාර්යාල හරහා විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා, අන්තර්ජාලය ඔස්සේ වේලාවන් වෙන්කරවා ගැනීමේ (online appointment booking) පහසුකම ලබා දීමට පියවර ගෙන ඇත.

එසේම, එළඹෙන 29 වැනිදා සිට මහජනතාවට මෙම ක්‍රමවේදය ඔස්සේ ප්‍රාදේශීය කාර්යාලවලින් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා වේලාවන් වෙන්කරවා ගත හැකි වනු ඇත.

ඒ සඳහා අයදුම්කරුවන්ට ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිය වෙත පිවිස දිනයක් සහ වේලාවක් වෙන්කරවා ගත හැකිය. මෙම සේවාව මහනුවර, යාපනය, කුරුණෑගල, වවුනියාව සහ මාතර යන ප්‍රාදේශීය කාර්යාලවල ක්‍රියාත්මක කෙරේ.

බත්තරමුල්ල ප්‍රධාන කාර්යාලයෙන් විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා මෙම වෙන්කරවා ගැනීමේ ක්‍රමවේදය අදාළ නොවන බව ද එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දී ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: