hit counter

2026 ඔක්‍තෝබර් මස 27 වන අඟහරුවාදා

2026 ඔක්‍තෝබර් 28, පෙ.ව. 12:22



විහාර මහා දේවි උද්‍යානයේ පැවති සත්‍යග්‍රහය කොළඹ තරු පන්ති හෝටල් වල රහසිගත සාකච්ඡා පවත්වමින් සිදු කළ දේශපාලන කුමන්ත්‍රණයක පියවරක් බව ශ්‍රී ලංකා කම්කරු ජනතා පෙරමුණේ සභාපති චමීර පෙරේරා මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ මෙම තරු පන්ති හෝටල්වල රහසිගත සාකච්ඡා පැවැත්වූ අය අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කළ යුතු බවයි.

මෙය පාස්කු ප්‍රහාරයේ ඊළඟ පියවර විය හැකි බව ඒ මහතා කියා සිටියා.

චමීර පෙරේරා මහතා පැවසුවේ මෙම කුමන්ත්‍රණය කෙසේ හෝ පරාජය කළ යුතු බවයි.

බුද්ධි අංශ හා ආරක්ෂක අංශ මෙම තරුපහේ හෝටල්වල රහසිගත සාකච්ඡාවලට සහභාගී වූ පුද්ගලයින් සම්බන්ධයෙන් ඉතාමත් සුපරික්ෂාවෙන් සිටිය යුතු බව ඔහු ප්‍රකාශ කළා.

තවද ඒ මහතා පවසා සිටියේ එසේ නොවුණහොත් රට නැවත වතාවක් අනතුරට ලක්වන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වූ චමීර පෙරේරා මහතා

“ මේ පාස්කු ප්‍රහාරයේ අපරාධකාරයෝ ටික එකතු වෙලා කින්ග්ස්බරි එකේ මේ කරපු කුමන්ත්‍රණයක්. ඒ නිසා අපි පළවෙනියෙන් රජයට කියන්නේ මේ ගිය මේ පොහොට්ටුවේ මේ අපරාධකාරයෝ මේ අය චූදිතයෝ මේ අයව ගෙනැල්ලා ප්‍රශ්න කරන්න. මොකක්ද කින්ග්ස්බරියේ සාකච්ඡාව?

ඊට පස්සේ හිල්ටන් එකේ මොකක්ද කළේ? අපි දිගින් දිගටම කිව්වා මේ විහාර මහ දේවී උද්‍යානය ඉස්සරහට දාගෙන මේක බරපතල දේශපාලන කුමන්ත්‍රණයක තවත් පියවරක්. මේ පාස්කුවේ ඊළඟ පියවර. පාස්කු ප්‍රහාරයේ ඊළඟ පියවරට ලෑස්ති වෙන්නේ. මේක මෙතනින් නතර කරන්න ඕනි.

බුද්ධි අංශ වලට අපි කියන්නේ. ආරක්ෂක අංශ වලට අපි කියන්නේ. මේ අපරාධ කල්ලිය මේ පාතාල කල්ලිය යන තැන්, කතාකරන දේවල් හැම දෙයක්ම පසුපස ඉන්න. ඒක රට වෙනුවෙන් කළ යුතු දෙයක්. එහෙම නොවුණොත් නැවත වතාවක් මේ රට අනතුරේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: