hit counter

2026 ඔක්‍තෝබර් මස 26 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 27, පෙ.ව. 12:06



සමාජ මාධ්‍ය සහ කලා ක්ෂේත්‍රය තුළ නිතරම කතාබහට ලක්වන ජනප්‍රිය චරිතයක් තමයි දිලුක්ෂි වීරපෙරුම කියන්නේ. 

පසුගිය දිනක ඇය විසින් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබූ අපූරු ඡායාරූප පෙළක් වෙත බොහෝ දෙනෙකුගේ දැඩි අවධානය යොමු වී තිබුණා.

ඉතාමත් ආදරණීය විදිහට පෙනී සිටි එම ඡායාරූප පෙළ දුටු රසිකයින් බොහෝ දෙනෙකුට ඇතිවුණේ ලොකු කුතුහලයක්. විශේෂයෙන්ම එම ඡායාරූපවල ඇය සමඟ සිටින පුද්ගලයා පිරිමි ළමයෙක්ද නැතිනම් ගැහැණු ළමයෙක්ද? ඔවුන් ඇත්තටම විවාහ වෙලාද? එහෙමත් නැත්නම් මේක හුදෙක් ෆොටෝ ෂූට් එකක් විතරක්ද? යනුවෙන් බොහෝ දෙනෙක් ඇයගෙන් දිගින් දිගටම විමසා තිබුණා.

මේ විදිහට රසිකයින් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්, තවදුරටත් කුතුහලය ඉතිරි කරන අපූරු සටහනක් දිලුක්ෂි සිය ෆේස්බුක් ගිණුමේ තබා තිබුණා. එහි සඳහන් වුණේ මෙවැනි අදහසක්

“මන් දන්නෑ මන් දන්නෑ මන් දන්නෑ… මන්නම් කියන්නේ තම තමන් තම තමන්ට කැමති දේ හිතන්න.. ඒකේ තමයි සොමිය තියෙන්නේ. අනික ඔගොල්ලන්ගේ කලබලේ නේ අනේ! දැන්ම ඇත්ත දැනගත්තොත් වැඩක් නෑනේ. Genuinely Thankyou so much for all the love I’ve received for the shoot. ආදරෙයි ගොඩාක්…”

කෙසේ වෙතත් ඇය ලබා දුන් මෙම පිළිතුරත් සමඟ රසිකයින්ගේ කුතුහලය තවත් වැඩි වී ඇති අතර, මේ ඡායාරූප පෙළ පිටුපස ඇති සැබෑ කතාව කුමක්දැයි දැනගැනීමට බොහෝ දෙනෙක් මඟ බලාගෙන සිටිනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: