2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:37
භික්ෂූන් වහන්සේ නමක් සිරගත වූ පසු සංඝ සභාවට දැනුම් දී දින 10ක් ඇතුළත පිළිතුරක් නැත්නම් අදාළ භික්ෂුව බන්ධනාගාරය තුළ එහි නිලධාරීන් විසින් උපැවිදි කරන බවට බන්ධනාගාර පනතට නව සංශෝධනයක් එකතු කර ඇතැයි හිටපු අමාත්ය උදය ගම්මන්පිල පවසයි.
ඔහු පෙන්වා දෙන්නේ අධිකරණයෙන් වරදකරු වූ පමණින් මේ ආකාරයට භික්ෂුවගේ සිවුරු ගැලවීමේ අයිතියක් බන්ධනාගාරයට නොමැති බවයි.
එසේම නිත්ය නියෝග 550 මගින් භික්ෂූන් වහන්සේ නමක් බන්ධනාගාරයෙන් සිටතට ගෙන යන විට බන්ධනාගාරයට පැමිණෙන විට සිටි ආකාරයට සිවුරු අන්දවා ගෙන යා යුතු බවට කළ සංශෝධනය බෙහෙවින් ප්රශ්නගත බව උදය ගම්මන්පිල අවධාරණය කරයි.
එහෙත් 356 ආ වගන්තිය අනුව සංඝ සභාව විසින් භික්ෂුභාවය රැකී ඇති බවට තහවුරු කළ සිරකරුවන් සිරදඬුවම් විඳින්නේ සිවුරු දරාගෙන නිසා උන් වහන්සේලා එළියට වඩින විට අමුතුවෙන් සිවුරු ඇන්දීමේ අවශ්යතාවක් නැතැයිද ඔහු පෙන්වා දෙයි.
ඒ අනුව ආණ්ඩුව මෙම සංශෝධනය මගින් සිවුර ඇන්දීමට උත්සාහ කරන්නේ මිනිමැරුම් ස්ත්රී දූෂණ ළමා අපචාර සහ තමන්ට නොමැති අධ්යාත්මික බලයක් ගෙන පවසා ජනතාව රවටා පාරාජිකා වීමෙන් භික්ෂූභාවය අහිමි වූ අයට බවටද උදය ගම්මන්පිල චෝදනා කරයි.
මේ රටේ බෞද්ධ බලවේග සටන් කළේ රට දැය සමය වෙනුවෙන් සටන් වැද සිරබත් කන භික්ෂූන් වහන්සේලාගේ සිවුර රැකගැනීමට මිස අපරාධකරුවන්ට සිවුරු දැරීමේ අයිතියක් ලබා දීමට නොවන බවද හෙතෙම ප්රකාශ කරයි.
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:35
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:33
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:30
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:21
2026 ඔක්තෝබර් 27, පෙ.ව. 12:18
27-10-26
27-10-26
27-10-26
27-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
26-10-26
25-10-26
25-10-26
25-10-26
25-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
24-10-26
23-10-26
23-10-26