hit counter

2026 නොවැම්‍බර් මස 01 වන ඉරිදා

2026 නොවැම්‍බර් 02, පෙ.ව. 12:20



ආන්දෝලනාත්මක කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභා වාර්තාව ලබන සතිය තුල නිකුත් කිරීමට කටයුතු කරන බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අදාල වාර්තාව සකස් කිරීමේ අවසන් අදියර මේ වනවිට සිදුවෙමින් පවතින බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

කන්ටේනර් 323ක් වරායෙන් පිටකිරීමෙ සම්බන්ධව විමර්ශන සිදුකරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ වාර්තාව අතුරුදන්ව ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාරයක් සිදුවන බවද අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කරයි.

අමාත්‍ය හර්ෂණ නානායක්කාර සඳහන් කළේ,

“අද දින මම මුහුණු පොතෙත් සමාජ මාධ්‍ය ජාලාවල යම් අසත්‍ය තොරතුරක් සංසාරණය වෙනවා දැක්කා. ඒක තමයි කන්ටේනර් 323 සම්බන්ධයෙන් පත් කරපු කමිටුවේ වාර්තාව අතුරුදහන් වෙලා තියෙනවා කියන එක. ඒක සම්පූර්ණ අසත්‍යයක්.

මම දන්නේ ඇයි ඒ වගේ විකෘති අදහස් සමාජගත කරන්නේ කියලා. ඔබලා දන්නවා ඒ කමිටුව පත්කරේ කථානායකවරයා විසින්. ඒ පත් කරලා සාක්ෂිකරුවන් දහසය දෙනෙකුගේ සාක්ෂි මෙහෙව්වා ඒ හැම කොළයක්ම පාර්ලිමේන්තුවේ තිබෙනවා. වාර්තාගත වෙලා.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: