2026 නොවැම්බර් 10, පෙ.ව. 12:15
වත්මන් රජය බලයට පත්ව ගතවූ වසර දෙකක කාලය තුළ, අගාධයට ඇදවැටී මරණ මංචකයේ පැවති රට ක්‍රමානුකූලව එම අර්බුදයෙන් මුදවා ගැනීමට හැකිවී ඇති බව ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පවසයි.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා පෙන්වා දුන්නේ, පසුගිය කාලය පුරා මෙරට ජනතාවගේ දහඩිය මහන්සියෙන් උපයාගත් ධනය අමු අමුවේ මංකොල්ලකෑ සහ වංචා දූෂණවල නිරත වූ පාර්ශ්වයන්ට එරෙහිව තරාතිරම නොබලා දැඩිව නීතිය ක්‍රියාත්මක කිරීමට වත්මන් ආණ්ඩුව පියවර ගෙන ඇති බවයි.
රාජ්‍ය සම්පත් ගසාකෑම සහ දූෂණය අවම කිරීම තුළින් රාජ්‍ය ආදායම නිසි පරිදි කළමනාකරණය කරමින් රටේ බිඳවැටුණු ආර්ථිකය මේ වන විට ශක්තිමත් මාවතකට යොමු කරමින් පවතින බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:32
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:30
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:13
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:10