hit counter

2026 නොවැම්‍බර් මස 09 වන සඳුදා

2026 නොවැම්‍බර් 10, පෙ.ව. 12:10



අතීතයේ පැවති අත්තනෝමතික, ගසාකෑම්වලින් පිරුණු ප්‍රභූ දේශපාලන සංස්කෘතිය මුළුමනින්ම අවසන් කර, සංවර්ධන ව්‍යාපෘතිවලින් සත පහක හෝ කොමිස් මුදලක් කිසිවෙකුගේ සාක්කුවලට නොයන නව දේශපාලන පරිවර්තනයක් රට තුළ ස්ථාපිත කර ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරී කෞශල්‍යා ආරියරත්න මහත්මිය ප්‍රකාශ කරයි.

ප්‍රදේශයේ සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කිරීමේ අවස්ථාවකට එක්වෙමින් ඇය පෙන්වා දුන්නේ, වර්තමානයේ ක්‍රියාත්මක වන මෙම පිරිසිදු රාජ්‍ය පාලන ක්‍රමවේදය අද වන විට මහජනතාවට සාමාන්‍ය දෙයක් සේ දැනුණද, එය දශක ගණනාවක් තිස්සේ මුල්බැසගෙන තිබූ දැවැන්ත මූල්‍ය වංචා සහ දූෂිත කොමිස් ගැසීමේ ක්‍රමය බිඳහෙළූ ඓතිහාසික පියවරක් බවයි.

පසුගිය වසරවලට සාපේක්ෂව මෙවර අයවැය මඟින් සංවර්ධන කටයුතු වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර ඇති බව සඳහන් කළ නියෝජ්‍ය අමාත්‍යවරිය, රාජ්‍ය භාණ්ඩාගාරයට එක්රැස් වන බදු මුදල් උපරිම මූල්‍ය විනයකින් හා විනිවිදභාවයකින් යුතුව සෘජුවම බිම් මට්ටමේ ජනතා අවශ්‍යතා වෙනුවෙන් ආයෝජනය කිරීමට රජය කැපවී සිටින බව අවධාරණය කළාය.

නාගරික යටිතල පහසුකම් සංවර්ධනය, පොදු ප්‍රවාහනය කාර්යක්ෂම කිරීම, ප්‍රාථමික සෞඛ්‍ය සේවා පුළුල් කිරීම මෙන්ම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය දැනටමත් වේගවත් කර ඇති බවත්, ඊට සමගාමීව රටේ අනාගත පරපුර විනාශ කරන මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් මුලිනුපුටා දැමීමේ දැවැන්ත මෙහෙයුමක් රජය මඟින් ක්‍රියාත්මක කරමින් පවතින බවත් ඇය එහිදී වැඩිදුරටත් කියා සිටියාය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: