2026 නොවැම්බර් 09, පෙ.ව. 12:20
ජාතික ඩෙංගු මර්දන ඒකකය මඟින් සංවිධානය කරනු ලබන විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන අද (09) සිට ආරම්භ කිරීමට සියලු කටයුතු යොදා තිබේ.
ඒ අනුව හෙට සිට එළැඹෙන 14 වැනිදා දක්වා මෙම විශේෂ ඩෙංගු මර්දන සතිය දිවයින පුරා ක්‍රියාත්මක වේ.
ඩෙංගු වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානම සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 74ක් ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.
මෙම සතිය තුළ අදාළ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයන් හි ඒකාබද්ධ ඩෙංගු පරීක්ෂණ කණ්ඩායම් යෙදවීම, හිමිකරුවෙකු නොමැති පරිශ්‍රවල මදුරුවන් බෝවන ස්ථාන විනාශ කර පවිත්‍ර කිරීම, පාසල්, පිරිවෙන්, විශ්වවිද්‍යාල සහ ආගමික ස්ථාන ආශ්‍රිතව ශ්‍රමදාන සංවිධානය කිරීම මෙන්ම විශේෂ මෙහෙයුම් මැදිරියක් මඟින් දෛනික කටයුතු අධීක්ෂණය කිරීම ද සිදු කෙරේ.
ජාතික ඩෙංගු මර්දන ඒකකයට අමතරව රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය, ‘ක්ලීන් ශ්‍රී ලංකා’ ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලීසිය, ත්‍රිවිධ හමුදාව සහ ස්වේච්ඡා සංවිධාන රැසක් ද මෙම මර්දන වැඩසටහන සඳහා සක්‍රීයව දායක වීමට නියමිතය.
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:39
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:37
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:35
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:31
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:25
09-11-26
09-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26