hit counter

2026 නොවැම්‍බර් මස 06 වන සිකුරාදා

2026 නොවැම්‍බර් 06, ප.ව. 12:55



ශ්‍රී ලංකාවේ ඇතැම් පාසල් සඳහා විශේෂ නිවාඩු දිනයක් ලබා දීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව, මධ්‍යම පළාතේ දෙමළ මාධ්‍ය පාසල් සඳහා මෙම මස 9 වැනි සඳුදා දිනය විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇත. දීපාවලි උත්සවය නිමිත්තෙන් මෙම විශේෂ නිවාඩු දිනය ලබා දෙනු ලැබේ.

මෙම නිවාඩු දිනය වෙනුවට, මග හැරී යන පාසල් දිනය පියවා ගැනීම සඳහා නොවැම්බර් 14 වැනි සෙනසුරාදා දිනයේදී පාසල් විවෘතව තැබිය යුතු බවට මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය උපදෙස් ලබා දී ඇත.

වැවිලි හා සමාජ යටිතල පහසුකම් නියෝජ්‍ය අමාත්‍ය සුන්දරලිංගම් ප්‍රදීප් මහතා කළ ඉල්ලීමකට අනුව මෙම විශේෂ නිවාඩු දිනය අනුමත කර තිබේ.

නොවැම්බර් 8 වැනි ඉරිදා යෙදෙන දීපාවලි උත්සවය ජනතාවට උචිත අයුරින් සැමරීමට අවස්ථාව සලසා දීම සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලය විසින් මෙම නිවාඩු දිනය ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: