hit counter

2026 නොවැම්‍බර් මස 06 වන සිකුරාදා

2026 නොවැම්‍බර් 06, පෙ.ව. 11:44



ඊයේ(05) දිනයට සාපේක්ෂව අද (06) දින ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල රුපියල ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව සුළු වශයෙන් අවප්‍රමාණය වී තිබෙන අතර, විකුණුම් අනුපාතය රු. 336 ත් 337 ත් අතර වන බව සඳහන්.

ඒ අනුව සෙලාන් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතය රුපියල් 328.05 ක් වශයෙන් නොවෙනස්ව පවති‍යි.

එහි විකුණුම් අනුපාතය රුපියල් 337.30 ක් වේ.

එසේම NDB බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 327.80 සිට රුපියල් 328.00 දක්වා ඉහළ ගොස් තිබෙන අතර, විකුණුම් අනුපාතය රුපියල් 336.80 සිට රුපියල් 337.00 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර මහජන බැංකුව වාර්තා කරන්නේ ගැනුම් අනුපාතය රුපියල් 328.30 සිට රුපියල් 328.35 දක්වා ඉහළ ගොස් තිබෙන අතර විකුණුම් අනුපාතය ද රුපියල් 336.44 සිට රුපියල් 336.49 දක්වා ඉහළ ගොස් ඇති බවයි.

එමෙන්ම කොමර්ෂල් බැංකුවේ ගැනුම් අනුපාතය රුපියල් 326.58 සිට රුපියල් 326.38 දක්වා අඩු වී ඇති අතර, විකුණුම් අනුපාතය ද රුපියල් 336.50 සිට රුපියල් 336.30 දක්වා අඩු වී ඇත.

තවද සම්පත් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත පිළිවෙලින් රු. 328.50 සහ රු. 336.50 ලෙස නොවෙනස්ව පවතින බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: