2026 නොවැම්බර් 05, පෙ.ව. 12:16
මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු පාසල් ආසන්නයේ පවතින වෙනත් පාසලක් සමග එකාබද්ධ කිරිමට පළාත් ව්‍යුහ කමිටුවට බලය පවරා තිබුණද දකුණු පළාතේ එවැනි පාසල් 39ක් ඒකාබද්ධ කිරිමට අදාළ කිසිදු ක්‍රියාමාර්ගයක් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු විසින් ගෙන නොතිබු බව ජාතික විගණන කාර්යාලය මගින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය වි ඇත.
යම්කිසි පාසලක් පවත්වාගෙන යාම සදහා පාසලේ මුළු ශිෂ්‍ය සංඛ්‍යාව 50 අඩු අවස්ථාවලදි ආසන්නයේ පවතින වෙනත් පාසලක් සමග (උපරිම දුර කි.මි 05) අදාළ පාසල එකාබද්ධ කිරිමට දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පළාත් ව්‍යුහ කමිටුවට බලය පවරා තිබුණි.
දකුණු පළාතේ සිසුන් 50ට අඩු එවැනි පාසල් 39ක් ඇති බවට කලාප කාර්යාල මගින් ශක්‍යතා අධ්‍යයනයක් සිදුකර වාර්තා කර තිබුණි.
යෙමුගත චක්‍රලේඛය ප්‍රකාරව එකාබද්ධ කිරිමේ බලය පළාත් ව්‍යුහ කමිටුව වෙත පවරා ඇති පාසල් ඒකාබද්ධ කිරිම සිදු කළයුතුව ඇති බැව් විගණනය මගින් නිර්දේශකොට ඇත.
පාසල් ව්‍යුහ කමිටු පිළිබද උපදෙස් සංග්‍රහයේ 3 යටතේ ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු පාසල් ඒකාබද්ධ කිරිම යන්න නිශ්චිතව සදහන්කර ඇති බවත් දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් මෙකි වැඩපිළිවෙළ හා සමගාමිව ලබාදි ඇති උපදෙස් පරිදි ශිෂ්‍ය සංඛ්‍යාව 50ට අඩු පාසල් ඒකාබද්ධ කිරිම සම්බන්දයෙන් ක්‍රියාමාර්ග අනුගමනය කරඇති බව ගණන්දිමේ නිලධාරිවරයා විසින් විගණනයට සදහන්කොට ඇත.
දකුණු පළාත් සභාව සම්බන්දයෙන් 2025 වර්ෂයට අදාළව නිකුත්කොට ඇති වාර්ෂික විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත්ව ඇත.
2026 නොවැම්බර් 05, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 05, පෙ.ව. 12:14
2026 නොවැම්බර් 05, පෙ.ව. 12:12
2026 නොවැම්බර් 05, පෙ.ව. 12:11
2026 නොවැම්බර් 05, පෙ.ව. 12:07
05-11-26
05-11-26
05-11-26
05-11-26
05-11-26
05-11-26
05-11-26
05-11-26
05-11-26
05-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26
04-11-26