hit counter

2026 නොවැම්‍බර් මස 06 වන සිකුරාදා

2026 නොවැම්‍බර් 06, ප.ව. 1:45



දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද (06) දිනයේද එළවළු මිල ගණන් ඉහළ අගයක පැවතුන බව වාර්තා වේ.

ඒ අනුව අද දින ගෝවා මිල පරාසය දැක්වුණේ රුපියල් 500ත් රුපියල් 600ත් අතර අගයකින්.

එසේම මල් ගෝවා මිල සඳහන් වූයේ රුපියල් 600ක් රුපියල් 610ත් අතර ප්‍රමාණයකින්.

ඊට අමතරව රාබුමිල පරාසය රුපියල් 170ත් 180ත් අතර ප්‍රමාණයකින් සටහන් වූ අතර තක්කාලි මිල සටහන් වූයේ රුපියල් 500ත් 580 අතර අගයක බව වාර්තා විය.

එසේම පොල් මිල අද දිනයේ සටහන් වූයේ රුපියල් 150ත් 160ත් අතර අගයකයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: