hit counter

2026 නොවැම්‍බර් මස 08 වන ඉරිදා

2026 නොවැම්‍බර් 09, පෙ.ව. 12:09



රටම කතා කරන අපූරු හා ආදර්ශමත් මානුෂීය පුවතක් ඇඹිලිපිටිය ප්‍රදේශයෙන් වාර්තා වේ. ඇඹිලිපිටිය මූලික රෝහලේ සේවය කරන සහ පනාමුරේ ප්‍රදේශයේ ප්‍රතිකාර ලබාදෙන වෛද්‍ය මධුශංක ප්‍රේමලාල් මහතා, සිය බාල පුතුගේ උපන්දිනය වෙනුවෙන් රෝගීන් වෙනුවෙන් සිදුකළ අපූර්ව සත්කාරයක් මේ වන විට සමාජයේ දැඩි කතාබහට ලක්ව තිබේ.

මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව පසුගිය දිනක පනාමුරේ පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත පැමිණි රෝගියෙකුට සුපුරුදු පරිදි ප්‍රතිකාර ලබාදී බෙහෙත් ලබාදීමෙන් අනතුරුව, වෛද්‍යවරයා විසින් අදාළ පුද්ගලයාට “කරුණාකර එහා පැත්තෙන් (පිටුපස පැත්තෙන්) එන්න” යැයි දන්වා ඇත.

එහි ගිය රෝගියාට අත්ව ඇත්තේ හරි අපූරු අත්දැකීමකි. වෛද්‍ය මධුශංක ප්‍රේමලාල් මහතා විසින් එදින ප්‍රතිකාර සඳහා පැමිණි සියලුම රෝගීන්ගෙන් බෙහෙත් සඳහා කිසිදු මුදලක් අය කර නොමැති අතර, ඊට අමතරව ඔවුන්ට කිරි පැකට් එකක් සහ කේක් කෑල්ලක් ලබා දී සංග්‍රහ කර යැවීමට කටයුතු කර ඇත.

මෙම අපූරු පුණ්‍ය ක්‍රියාවට මුල් වී ඇත්තේ වෛද්‍යවරයාගේ පුංචි පුතුගේ උපන්දිනයයි. තම දරුවාගේ උපන්දිනය දින සමාජයට යහපත් ආදර්ශයක් ලබාදෙමින්, දුක් විඳින රෝගීන්ගේ මුහුණට සිනහවක් ගෙන ඒමේ අරමුණින් එතුමා මෙම උතුම් ක්‍රියාව සිදු කර තිබේ.

වෛද්‍ය වෘත්තියේ පාරිශුද්ධත්වය මැනවින් ලෝකයට පෙන්වා දෙමින් මෙවැනි වෛද්‍යවරුන් තවමත් අප රටේ සිටීම පිළිබඳව ප්‍රදේශවාසීන් මෙන්ම සමාජ මාධ්‍ය පරිශීලකයින් ද දැඩි ආඩම්බරයක් සහ ප්‍රණාමය පළ කර සිටිති.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: