2026 නොවැම්බර් 08, පෙ.ව. 12:17
ශ්රීපාදස්ථානයට ඇතුළුවීම තහනම් කර තිබියදී වසා තිබූ ගේට්ටුවෙන් පැන අනවසරයෙන් ඇතුළු වූ යූටියුබ්කරුවකු පසුව එහි තත්ත්වය සම්බන්ධයෙන් ආණ්ඩුවට චෝදනා එල්ල කරමින් වීඩියෝවක් ප්‍රචාරය කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ශ්රීපාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසනවා.
අදාළ පුද්ගලයාගේ ක්‍රියාකලාපය විවේචනය කළ උන්වහන්සේ සඳහන් කළේ, ශ්‍රීපාදස්ථානයේ ආරක්ෂාව වෙනුවෙන් ඇතුළුවීම සීමා කර තිබියදීත් ඔහු එම ස්ථානයට අනවසරයෙන් ඇතුළු වී ඇති බවයි.
එහිදී ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පුද්ගලයා තම රාජකාරිය නිසි පරිදි ඉටු කර ඇති නමුත් අනවසරයෙන් ඇතුළු වූ පුද්ගලයා එම ආරක්ෂක නිලධාරියාටද බැණවැදී ඇති බව උන්වහන්සේ සඳහන් කළා.
අදාළ පුද්ගලයා පසුගිය දිනවල නිකුත් කළ වීඩියෝවක් පිළිබඳව තමන්ට දැනගන්නට ලැබුණු බවත් එහිදී දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි තවමත් පිළිසකර කර නොමැති බව පවසමින් ආණ්ඩුව ඇතුළු පාර්ශ්වයන්ට චෝදනා එල්ල කර ඇති බවට තොරතුරු ලැබුණු බවත් බෙන්ගමුවේ ධම්මදින්න හිමි පවසනවා.
කෙසේ වෙතත් දිට්වා සුළි කුණාටුවෙන් ශ්‍රීපාද හැටන් මාර්ගයේ සිදුවූ හානි පිළිසකර කිරීම සඳහා රජය, ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් එක්ව විශාල වැඩකොටසක් සිදුකළ බව උන්වහන්සේ පෙන්වාදෙනවා.
ඒ අනුව ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් ආරක්ෂක අංශ ඇතුළු පාර්ශ්ව රැසක සහභාගිත්වයෙන් පුද්ගලයන් 150කට අධික පිරිසක් යොදවා මාසයකට ආසන්න කාලයක් ගත කරමින් මාර්ගයේ එක් ස්ථානයක ගොඩගැසී තිබූ පස් සහ සුන්බුන් ඉවත් කිරීමට කටයුතු කළ බවද උන්වහන්සේ සඳහන් කළා.
එම ස්ථානයේ ගොඩගැසී තිබූ ද්‍රව්‍ය සාමාන්‍ය පස් කන්දක් නොව විශාල වශයෙන් එක්රැස් වූ කුණු සහ සුන්බුන් බවත් ඒවා ඉවත් කිරීම අතිශය දුෂ්කර කාර්යයක් වූ බවත් උන්වහන්සේ පවසනවා.
කෙසේවෙතත් ශ්‍රීපාදස්ථානයේ පවතින හානි සහ ආරක්ෂක ගැටලු සම්බන්ධයෙන් යූටියුබ්කරුවකු වන අශේන් සේනාරත්න පසුගිය දිනක වීඩියෝවක් සමාජ මාධ්‍යයට එක්කර තිබුණා.
එම වීඩියෝවෙන් ඔහු පෙන්වාදී තිබුණේ ශ්‍රීපාදස්ථානයේ ඇතැම් ආරක්ෂිත වැටවල් හා විදුලි පහන් ආශ්රිත කොටස්වල හානි පවතින බවත් ඇතැම් ස්ථානවල විදුලි කාන්දුවක් සිදුවන බවට සැක කළ හැකි තත්ත්වයක් නිරීක්ෂණය වූ බවයි.
එහිදී අදාළ වැටක් ස්පර්ශ කිරීමේදී තමන්ට විදුලි සැර වැදුණු බවද අශේන් ප්‍රකාශ කර තිබුණා.
එමෙන්ම ඉදිරි වන්දනා වාරයට පෙර අදාළ අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකරන ලෙස ජනාධිපතිවරයා ඇතුළු බලධාරීන්ගෙන් ඔහු එම
ඉදිරි ශ්‍රීපාද වන්දනා වාරය ආරම්භ වීමට පෙර මෙම අලුත්වැඩියා කටයුතු කඩිනමින් සිදුකළ යුතු බව පවසන ඔහු, ජනාධිපතිවරයා, අග්‍රාමාත්‍යවරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් ඇතුළු බලධාරීන්ගෙන් ඒ සඳහා මැදිහත්වන ලෙස වීඩියෝව ඔස්සේ ඉල්ලා තිබුණා.
එමෙන්ම දිට්වා සුළි කුණාටුවෙන් සිදුවූ හානි හේතුවෙන් ශ්‍රීපාදස්ථානය ආශ්රිත ප්‍රදේශවල තවමත් ඉවත් නොකළ අපද්‍රව්‍ය සහ නායයෑම්වලින් ගලා ආ සුන්බුන් පවතින බවද ඔහු එහිදී පෙන්වාදුන්නා.
දෙසැම්බර් මාසයේදී වන්දනා වාරය ආරම්භ වීමට නියමිත බැවින් ඊට පෙර මෙම ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා වහාම ව්‍යාපෘතියක් ආරම්භ කළ යුතු බවත් අදාළ කටයුතු කඩිනමින් අවසන් කළ යුතු බවත් අශේන් පවසා තිබුණා.
“මේ ප්‍රොජෙක්ට් එක දැන්ම පටන් ගන්න වෙනවා දෙසැම්බර්වල ඉවර කරන්න නම්. ඉක්මනට මේ දේවල් ටික පිළිසකර කරලා මේ ශ්‍රීපාදය රැකගන්න වැඩ කරන්න. ඒක අපේ රාජකාරියක් වගේම ඔයාලගෙත් රාජකාරියක්. ජනතාවගේ රාජකාරියක්. ඒ වගේම ජනාධිපතිතුමනි, ඔබෙත් රාජකාරියක්” යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
ශ්‍රීපාදස්ථානය මෙරට ආගමික වශයෙන් පමණක් නොව සංචාරක කර්මාන්තය අතින්ද ඉහළ වටිනාකමක් සහිත ස්ථානයක් බව පෙන්වාදුන් අශේන්, එහි සංචාරය කිරීමට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු බව පවසා තිබුණා.
විදේශීය සංචාරකයන් විශාල පිරිසක් ශ්‍රීපාදස්ථානය වෙත පැමිණෙන බවත් එවැනි සංචාරකයකුට විදුලි සැර වැදී අනතුරක් සිදුවුවහොත් එය රටටම අපකීර්තියක් වනු ඇති බවත් ඔහු සඳහන් කරයි.
කෙසේවෙතත්ශ් රීපාදස්ථානයේ පවතින මෙම හානි පිළිසකර කිරීමට බලධාරීන්ට නොහැකි නම් එම කටයුතු තමන්ට භාරදෙන ලෙසද ඔහු එහිදී ප්‍රකාශ කළා.
“බැරි නම් දෙන්න මං කරන්නම්. මට දවසයි යන්නේ මේක හදන්න. බැරි නම් මට දෙන්න මං මේක බලාගන්නම්. මං මේ රට කරන්නම්. ඔයාට බැරි නම් කියන්න, මං මේක බලාගන්නම්”
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:33
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:16
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:15
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26
07-11-26
07-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26
06-11-26