2026 නොවැම්බර් 08, පෙ.ව. 12:15
පසුගිය පාලන සමයන්හි කුඩා ප්‍රශ්නයක් විසඳා ගැනීම සඳහා වසර ගණනාවක් හා දශක ගණනාවක් අරගල කිරීමට සිදු වූ වටපිටාවක් වෙනුවට අද වන විට මෙරටේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම්, වැටුප් ගැටලු මෙන්ම විශ්‍රාමික ප්‍රජාවගේ ගැටලු සඳහා අවශ්‍ය විසඳුම් කිසිදු අරගලයකින් හෝ සටනකින් තොරව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ නායකත්වය යටතේ වත්මන් ආණ්ඩුව විසින් ජනතාවට ලබාදෙමින් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා පවසනවා.
‘අපේ ආණ්ඩුවට වසර දෙකයි රටට සුබයි’ සහ ‘වැඩ කරමු – රට හදමු’ යන තේමාවන් යටතේ අද (07) සංවිධානය කර තිබූ වෘත්තීය සමිති ජාතික සමුළුවට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේ පසුගිය අයවැය මගින් රාජ්‍ය සේවයේ අනියම්, ආදේශක, තාවකාලික සහ කොන්ත්‍රාත් සේවකයින් ස්ථිර කිරීමටත්, 2016 යහපාලන ආණ්ඩු සමයේ කප්පාදු කෙරුණු පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි තහවුරු කිරීමටත් වත්මන් රජය විසින් පියවර ගෙන ඇති බවයි.
එපමණක් නොව, පෞද්ගලික අංශය, අර්ධ රාජ්‍ය සහ වතු ක්ෂේත්රය ඇතුළු සියලු ක්ෂේත්රවල වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සුරක්ෂිත කරන පාලනයක් මේ වන විට රට තුළ නිර්මාණය වී ඇති බව චන්දන සූරියආරච්චි මහතා ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අවධාරණය කළේ බංකොලොත් වී ඇති රට සහ විනාශ වූ ආර්ථිකය නිවැරදි මාවතකට ගෙන යමින් රට ගොඩනැගීමේ අතිරේක කාර්යභාරයද දැන් ලාංකීය වැඩකරන ජනතාව වෙත පැවරී ඇති බවයි.
වැඩබිම් තුළ ප්රතිගාමීත්වයට, පන්ති අවස්ථාවාදයට, වැඩ කරන ජනතාව භේදබින්න කිරීමට එරෙහිව සහ ආණ්ඩුවේ රට ගොඩනැගීමේ වැඩපිළිවෙළට බාධා කරමින් විපක්ෂයේ අවතාර ලෙස ක්‍රියාත්මක වන ඇතැම් වෘත්තීය සමිතිවල අන්තවාදී ක්‍රියාමාර්ග පරාජය කිරීම සඳහා අඛණ්ඩව සටන් වැදීමේ වගකීමද වැඩකරන ජනතාව වෙත පැවරී ඇති බව තවදුරටත් අදහස් දක්වමින් ඔහු කියා සිටියා.
වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දන සූරියආරච්චි මහතා
“ අපේ අයිතිවාසිකම් තහවුරුකරගන්න පුළුවන් වටපිටාවක් අපි නිර්මාණය කරගෙන තිබෙනවා. අද අපිට සටන් කරන්න පහසුයි ඇයි? අද ජාතික ජනබලවේගයේ ආණ්ඩුව මේ රටේ වැඩකරන ජනතාවගේ ආණ්ඩුවක් විදිහට ස්ථාපිත කරගෙන ගොඩනගා ගෙන අද අපේ අයිතිවාසිකම්, අද අපේ වැටුප් ප්‍රශ්න, අපේ අනෙකුත් සියලු ගැටලු, විශ්‍රාමික ප්‍රජාවගේ ගැටලු, ඒ සියලු දේ අද සටනකින් තොරව අරගලයකින් තොරව ජාතික ජන බලවේගයේ ආණ්ඩුව ආදරණීය ජනාධිපති ගරු අනුර දිසානායක සහෝදරයාගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ රටේ වැඩකරන ජනතාවට ලබා දෙමින් තිබෙනවා. සහතික කරමින් තියෙනවා.
ඒ නිසා තවදුරටත් මේ රටේ ලාංකීය වැඩකරන ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේදී එදා අපි වසර ගණන් පුංචි ප්‍රශ්නයක් විසඳගන්න දශක ගණන් සටන් කර වටපිටාවක අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා ඒ අයිතිවාසිකම් සහතික කරන, ඒ අයිතිවාසිකම් තහවුරු කරන අපේම ආණ්ඩුවක්, අපේම වැඩකරන ජනතා බලයක් නිර්මාණය කර ගනිමින් සටනිකින් තොරව අපේ අයිතිවාසිකම් සහතික කරගන්න පුළුවන් වටපිටාවක් අපි නිර්මාණය කරගෙන තියෙනවා.
හැබැයි එතනින් එහාට අපිට ඉතුරු කාර්යභාරය පැවරී තිබෙනවා. ඒ නිසා අද දවසේ වැඩකරන ජනතාව වෙච්ච අපිට මේ බංකොලොත් කරපු රට, විනාශ කරපු ආර්ථිකය ඒ වගේම වංචාවෙන්, දූෂණයෙන්, නාස්තියෙන් ඉහවහා ගියපු මේ රට නිවැරදි මාවතකට ගෙන යාමත් මේ රට ගොඩනැගීමේ කාර්යයත් ලාංකීය වැඩකරන ජනතාව විදිහට අපි කාටත් පැවරී තිබෙන කාර්යභාරයක්.
ඒ නිසා ආදරණීය සහෝදර සහෝදරියනි ! මේ වෙන කොටත් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව මේ රටේ වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සටනිකින් තොරව සහතික කරමින් තියෙනවා. ඒ නිසා තමයි ජනාධිපති අනුර දිසානායක සහෝදරයා පසුගිය අයවැය දෙකේදිම මේ රටේ වැඩකරන ජනතාවගේ වැටුප් ගැටලු විසඳන්න, ඒ වගේම විශ්‍රාමික ප්‍රජාවගේ ගැටලු විසඳන්න, ඒ වගේම රාජ්‍ය සේවයේ අනියම්, ආදේශක, තාවකාලික, කොන්ත්‍රාත් ඒ සේවක සහෝදර සහෝදරියන්ව ස්ථිර කරන්න ඒ වගේම 2016 යහපාලන ආණ්ඩුව විසින් උලාකාපු,කප්පාදු කරපු, අහිමි කරපු මේ රටේ වැඩකරන ජනතාවගේ පූර්ණ විශ්‍රාම වැටුප් හිමිකම යළි තහවුරු කරන්න ආදී වශයෙන් ඒ වගේම පෞද්ගලික අංශය, ඒ වගේම අර්ධ රාජ්‍ය, වතු මේ සියලු ක්ෂේත්රවල වැඩ කරන ජනතාවගේ අයිතිවාසිකම් දවසින් දවස සහතික කරන, තහවුරු කරන පාලනයක් අපි නිර්මාණය කරගෙන තිබෙනවා.
එහෙමනම් මොකක්ද අපිට තියෙන අඛණ්ඩ සටන? වැඩබිම ඇතුලේ අද අපිට සටනක් තියෙනවා. ප්රතිගාමීත්වයට එරෙහි සටන. පන්ති අවස්ථාවාදයට එරෙහි සටන , වැඩ කරන ජනතාව භේද බින්න කිරීමට එරෙහි සටන ඒ වගේම ජාතික ජන බලවේගය ඇතුළු ආණ්ඩුව ඇතුළු මේ රට ගොඩනැගීම සම්බන්ධයෙන් ගෙනියන වැඩපිළිවෙළට එරෙහිව බාධා කිරීම් කරන ඒ සුන්බුන් විපක්ෂයේ අවතාර සහ සෙවනැලි ලෙස කටයුතු කරන ඇතැම් වෘත්තීය සමිතිවල ඒ අන්තවාදී ක්‍රියාමාර්ගවලට එරෙහි සටන ඒක අපිට පැවරී තිබෙනවා.
ඒකට එරෙහිව සටන් කළ යුතුව තිබෙනවා. එහෙමනම් ආදරණීය සහෝදර සහෝදරියනි! ගෞරවණීය ස්වාමීන් වහන්ස අද මේ රටේ ලාංකීය වැඩකරන ජනතාවට අපි වැඩකරන ජනතාවට තියෙන මේ කාර්යභාරය වඩා හොඳින් තේරුම් ගත්තු වඩා හොඳින් අවබෝධ කරගත්ත වැඩ කරන ජනතාව තමයි අද මේ වේදිකාවත් මේ භුමියත් නියෝජනය කරමින් තිබෙන්නේ.”
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:33
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:19
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:16
06-11-26
06-11-26
04-11-26
04-11-26
03-11-26
03-11-26
30-10-26
30-10-26
27-10-26
27-10-26
27-10-26
27-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
23-10-26
22-10-26
22-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26