2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:14
තමන් ක්රීඩා අමාත්ය ධුරයේ සිටින තාක්කල් ශ්රී ලංකාවේ ක්රිකට් ක්රීඩාවට අභාවයට යෑමට කිසිවිටෙකත් ඉඩ නොතබන බව තරුණ කටයුතු සහ ක්රීඩා අමාත්ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් අමාත්යවරයා මේ බව ප්රකාශ කළා.
ඔහු සඳහන් කළේ වත්මන් ආණ්ඩුව විිසින් ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් ජාතික පනතක් කෙටුම්පත් කර එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවයි.
ඒ අනුව එය විවාදයට ගෙන අනුමැතියට ලක් කිරීමේ පියවරයන් පමණක් සිදු කිරීමට ඉතිරිව ඇති බව සුනිල් කුමාර ගමගේ මහතා කියා සිටියා.
අමාත්යවරයා ප්රකාශ කළේ පෙර පැවති කිසිඳු ආණ්ඩුවකට ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් ජාතික පනතක් නිර්මාණය කර ගැනීමට නොහැකි වූ බවයි.
තවද මෙම පනත සම්මත වීමට පාර්ලිමේන්තු ක්රියාවලිය තුළ යම් සාධාරණ කාලයක් ගත වන බව ඔහු සඳහන් කළා.
එමෙන්ම සුනිල් කුමාර ගමගේ මහතා අවධාරණය කළේ මෙම පනත සම්මත වීමෙන් අනතුරුව ලංකාවේ ක්රිකට් ක්රීඩාව නැවත වරක් ස්වර්ණමය යුගයකට ගමන් කිරීමට අවශ්ය වර්ධනය සිදු කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවයි.
ලංකාවේ ක්රිකට් ක්රීඩාවට කිසිඳු විටෙක අභාවය කරා යාමට ඉඩ නොදෙන බව තවදුරටත් අදහස් දක්වමින් අමාත්යවරයා කියා සිටියා.
“ශ්රී ලංකා ක්රිකට් මෙතැනින් ඉවර වෙන්නේ නෑ. ඔබේ ප්රශ්නයට සෘජුම පිළිතුර. ඒ ඉවර නොවෙන්න තමයි අපි මේ වෙනකොට ආණ්ඩු ගණනාවකට කරගන්න බැරිවෙච්ච වැඩේ ක්රිකට් ක්රීඩාව සම්බන්ධයෙන් පනතක් හදලා,ඇක්ට් එකක් හදලා ඒ ඇක්ට් එක පාර්ලිමේන්තුවට ගෙනැල්ලා මම හිතන්නේ කථානායකතුමා අද උදෙත් සඳහන් කළා ඒක ඊළඟ සටේජ් එකේ තියෙන්නේ පාර්ලිමේන්තු විවාදය සහ අනුමැතියට.
ඔබතුමාලත් එහෙම එකක් ඉල්ල ඉල්ල හිටියා. මොකද මේ ක්රිකට් ක්රීඩාව හදන්න නම් මේක වෙනස් වෙන්න ඕනි කියලා. එතකොට දැන් අපි ඒ වැඩේ කරලා තියෙනවා. ඉතින් මේකට යන කාලයක් තියෙනවා පාර්ලිමේන්තුවේ ක්රියාවලියක් තියෙනවා. ඒක නිසා තමයි මේකට යම්කිසි කාලයක් ගන්නේ. ඒ ක්රියාවලිය ඉවර වෙනකොට අපි විශ්වාස කරනවා ලංකාවේ ක්රිකට් එක නැවත අපි බලාපොරොත්තු වන ජයග්රහණ ලබාගන්න පුළුවන් මට්ටමට හදාගන්න පුළුවන් වෙයි කියලා. ඒ ක්රියාවලිය අපේ ආණ්ඩුවෙන් තමයි මන්ත්රීතුමා පටන් ගත්තේ.
කලින් ආණ්ඩු ගොඩක් ට්රයි කළා ඇමතිවරුන්ට ගෙදර යන්න වුණා. හැබැයි අපිට එහෙම නොවී මම තාම ඉන්නවා ඇක්ට් එක පාර්ලිමේන්තුවේ තියෙනවා. ඔබතුමන්ලත් ඒකට අපිට උදව් කරනවා. ඉතින් අපි මේකෙන් ක්රිකට් එක හදාගන්න බලමු ඉස්සරහට. ක්රිකට් එකට වැටෙන්න දෙන්නේ නැහැ.”
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:16
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:15
2026 ඔක්තෝබර් 22, පෙ.ව. 12:14
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
22-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26