2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:11
රට තුළ කීරි සම්බා සහල්වල හිඟයක් පැවති බවත් එම හිඟය සංචාරක හා හෝටල් කර්මාන්තයට සෘජුවම බලපෑමක් එල්ල කළ නිසා ඊට විසඳුමක් ලෙස පිටරටින් යම් සහල් ප්රමාණයක් මෙරටට ආනයනය කළ බව කෘෂිකර්ම සහ පසු සම්පත් නියෝජ්ය අමාත්ය නාමල් කරුණාරත්න මහතා පවසනවා.
ඊයේ (20) පාර්ලිමේන්තුවේ අදහස් දක්වමින් ඔහු මේ පිළිබඳව ප්රකාශ කළා.
අමාත්යවරයා සඳහන් කළේ රට තුළ කීරි සම්බා පරිභෝජනය කරන පුද්ගලයින් සංඛ්යාව අනිකුත් සහල් පරිභෝජනය කරන පුද්ගලයින්ට සාපේක්ෂව අඩු අගයක් ගනු ලබන බවයි.
එම අවශ්යතා පරිපූර්ණ කිරීමට අවශ්ය නිෂ්පාදිත සහල් රට තුළ නොතිබුණු නිසා පිටරටින් යම් සහල් ප්රමාණයක් ගෙන්වීමට කටයුතු කළ බව ඒ මහතා කියා සිටියා.
ඔහු පැහැදිලි කළේ එසේ නොමැතිව පොදුවේ රටින් සහල් ආනයනය කිරීමට වත්මන් ආණ්ඩුවට කිසිඳු අවශ්යතාවක් නොමැති බවයි.
ජාතික ජන බලවේග ආණ්ඩුව විසින් විද්යානුකූල ක්රමවේදයන් ගොවි ජනතාවට හඳුන්වා දෙමින් ඔවුන් සාර්ථක ගොවියන් බවට පත්කරමින් සිටින බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා.
අමාත්යවරයා කියා සිටියේ රට තුළ නැවත කීරි සම්බා සහල්වල හිඟයක් ඇති නොවීමට අවශ්ය සැලසුම් රජයක් වශයෙන් මේ වන විටත් සම්පාදනය කර ඇති බවයි.
පෙර සිටි පාලකයින් විසින් නොසලකා හැරීම නිසා වල් බිහි වී වසා දමා තිබූ වී ගබඩා වත්මන් ආණ්ඩුව විසින් නැවත ප්රතිසංස්කරණය කොට සක්රීය කර වී මිලදී ගැනීම් මේ වන විටත් නිසිපරිදි සිදුකරමින් පවතින බව ඔහු පවසා සිටියා.
ජාතික ජන බලවේග ආණ්ඩුව බලයට පත්වන විට වී අලෙවි මණ්ඩලයේ සිටියේ සේවකයින් 159 දෙනෙකු බවත් එනමුදු 1977 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂ රජයට ආණ්ඩු මාරුවන විට එම මණ්ඩලයේ සේවකයින් එක්දහස් අටසිය විසි ගණනක් සේවය කළ බවත් එමෙන්ම ලොරි රථ 17ක් පමණ තිබූ බව නාමල් කරුණාරත්න මහතා සඳහන් කළා.
එනමුදු වත්මන් ආණ්ඩුව වී අලෙවි මණ්ඩලය භාරගන්නා විට එම කිසිඳු දෙයක් නොතිබුණු බවත් එක් ලොරි රථයක් පමණක් වී අලෙවි මණ්ඩලය සතුව තිබූ බව අමාත්යවරයා කියා සිටියා.
තවදුරටත් අදහස් දක්වමින් ඔහු අවධාරණය කළේ වී කිලෝ එකක නිෂ්පාදන වියදමට 30%ක් එකතු කර වී කිලෝ එකක මිල තීරණය කිරීමේ ක්රමවේදය වත්මන් ආණ්ඩුව ක්රියාත්මක කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා
“ ගරු කථානායකතුමනි! අපිට කීරි සම්බා වී වල හිඟයක් තිබුණා. එතකොට කීරි සම්බා පරිභෝජනය කරන ප්රමාණය අපේ රටේ අනිකුත් සහල්වලට සාපේක්ෂව අඩුයි. නමුත් ඒ අවශ්යතාව සම්පූර්ණ කරගන්න නිෂ්පාදනයක් තිබුණේ නැහැ. අපිට නාඩු වී වල ගත්තොත් අතිරික්තයක් තිබුණා. එතකොට කීරි සම්බා වල හිඟයක් තිබුණා. ඉතින් ඔන්න ඔය තත්වය තුළ විශේෂයෙන්ම හෝටල් කර්මාන්තය, සංචාරක කර්මාන්තය පදනම් කරගෙන අපි යම් ප්රමාණයක් සහල් පිටරටින් ගේන්න වෙනවා. ඒ තත්වය උඩ කීරි සම්බාවලට විකල්පයක් විදිහට තමයි යම් හාල් ප්රමාණයක් රටින් ගෙනාවේ. ඒ තත්වය ඒකෙන් පාලනය වුණා.
එහෙම නැතුව පොදුවේ අපිට හාල් ගේන්න වුවමනාවක් නැහැ. දැන් ඔබතුමාගේ දිස්ත්රික්කෙන්ම ගත්තොත් එහෙම මම දැන් මෙතන කරුණු ඉදිරිපත් කෙරුවා. අපි දැන් වී අස්වැන්න මේ වෙන කොට වැඩි කරගෙන තියෙනවා. විද්යාත්මක ක්රමවේදයක් ඔස්සේ ගොවි ජනතාව ඉදිරියට අරන් යමින් තිබෙනවා. ඒ වගේම තමයි කීරි සම්බා වලත් ඉදිරියේදී ප්රශ්නයක් එන්නෙ නැති වෙයි කියන අදහස තමා අපි ඉන්නේ. මොකද ඒකට අපි උත්තරයක් හැදුවා.
දැන් ඔබතුමාගේ දිස්ත්රික්කෙන්ම ගත්තොත් මම කිලෝවලින් කියන්නම් ගියපාර මහ කන්නෙට වඩා මේ මහ කන්නේ වී කිලෝවලින් ගත්තොත් වී කිලෝ දෙකෝටි හැත්ත හත් ලක්ෂ හැත්ත නමදාහකින් අස්වැන්න වැඩි කරගෙන තියෙනවා. රටේම ගත්තොත් මේ වැඩිවීම තියෙනවා. ඒ තත්වය තුළ තමයි අර හාල්වලට අදාළව තිබුණු නීතිමය බාධාවන් අපි තාවකාලිකව ඉවත් කළේ. ඉතින් ඒ තත්වය උඩ අපිට ඉදිරියට කීරි සම්බා හාල් වුණත් රටින් ගෙන්න වුවමානවක් වෙන්නේ නැති වෙයි කියන විශ්වාසයේ අපි ඉන්නවා. ඊළඟට වී අලෙවි මණ්ඩලයේ වී මිලදී ගැනීම් ඉදිරියටත් අපි කරගෙන යනවා.
දැන් මෙහෙමයි ප්රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් වී ගබඩා පිහිටුවන්න කලින් අපිට පළවෙනි රාජකාරිය වෙලා තිබුණේ ඇත්තටම වහලා දාලා තිබුණු වී ගබඩා නැවත ප්රතිසංස්කරණය කරලා වී මිලදී ගැනීම් නතර කරලා තිබුණු වී ගබඩා නැවත යථාවත් කරලා ඒවා සක්රීය කරගන්න කටයුත්තට තමයි අපිට අතගහන්න සිද්ධ වුණේ. විශේෂයෙන්ම වී මණ්ඩලේ අපි භාරගන්නකොට සේවකයෝ හිටියේ 159යි. හැබැයි 77 තමුන්නාන්සේලාට ආණ්ඩු මාරුවෙනකොට මේ වී මණ්ඩලයේ සේවකයෝ හිිටයා එක්දහස් අටසිය විසිගාණක් හිටියා සේවකයෝ. එතකොට ලොරි රථ 17ක් තිබුණා. මෝල් තිබුණා. එතකොට ඒ මොකක්වත් නැතුව තමයි වී අලෙවි මණ්ඩලය අපි භාර ගත්තේ.
එකම එක ලොරියයි. ඔහොම එකක් භාරගත්තේ. සම්පූර්ණයෙන්ම වල් වැදිච්ච මිලදී ගන්නේ නැති ගබඩා තමා අපිට භාර ගන්න සිද්ධ වුණේ. අපි මේ වෙනකොට අන්න ඒව යථාවත් කරලා තියෙනවා. තව යථාවත් කරමින් ඉන්නවා. ඒ කටයුතුත් ඉස්සරහට යනවා. අපේ සටන් පාඨය වුණේ මන්ත්රීතුමා වී කිලෝ එකක නිෂ්පාදන වියදමට 30%ක් එකතු කරලා වී කිලෝ එකේ මිල තීරණය කරන එක අපි ඒක කරලා තියෙනවා.”
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:05
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26