2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:05
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්රනාන්දු මහතා පවසන්නේ වාහන අංක තහඩු ලක්ෂ හය හමාරක් සහ ගොඩගැසී ඇති රියදුරු බලපත්ර ලක්ෂ හතර හමාරක් ඉදිරි මාස 6 තුළ නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.
එමෙන්ම යතුරුපැදි ලියාපදිංචි කිරීමේ ස්ථාන දිස්ත්රික්ක 5ක පිහිටුවීමට තීරණය කර ඇති අතර මේ යටතේ ගම්පහ දිස්ත්රික් යතුරුපැදි ලියාපදිංචි කිරීමේ ස්ථානය විවෘත කෙරුණේ මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් විශ්රාමික එයාර් වයිස් මාර්ෂල් තුෂාර ඉදුනිල් ප්රනාන්දු මහතා අතින්ය.
මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කළේ කුරුණෑගල , අනුරාධපුර , හම්බන්තොට සහ යාපනය යන දිස්ත්රික්කවලද මෙවැනි මධ්යස්ථාන පිහිටුවන අතර අනෙකුත් වාහන සදහා ද ඉදිරියේ දී මෙම සේවාව ක්රියාත්මක කරන බවත් වාහන අංක තහඩුවල ප්රමිතිය වැඩි කිරීමට කටයුතු කරන බවත්ය.
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:03
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:01
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:00
2026 ඔක්තෝබර් 20, ප.ව. 5:28
2026 ඔක්තෝබර් 20, ප.ව. 3:27
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
19-10-26
18-10-26
18-10-26
18-10-26
18-10-26
17-10-26
17-10-26
17-10-26
17-10-26