hit counter

2026 ඔක්‍තෝබර් මස 19 වන සඳුදා

2026 ඔක්‍තෝබර් 19, ප.ව. 12:08



පසුගිය සිකුරාදා දිනයට සාපේක්ෂව අද (19) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකු කිහිපයක ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය සුළු වශයෙන් පහත වැටී තිබේ. බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාතික ඉහළ ගොස් ඇති අතර, සෙලාන් බැංකුවේ අනුපාතිකවල වෙනසක් වාර්තා වී නොමැත.

සෙලාන් බැංකුවට (Seylan Bank) අනුව, ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 326.95ක් ලෙසත්, විකුණුම් අනුපාතිකය රු. 336.20ක් ලෙසත් නොවෙනස්ව පවතී. NDB බැංකුවේ ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 326.60 සිට රු. 326.75 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 335.60 සිට රු. 335.75 දක්වාත් ඉහළ ගොස් තිබේ.

මහජන බැංකුවේ (People’s Bank) ගැනුම් අනුපාතිකය රු. 327.07 සිට රු. 327.36 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය ද රු. 335.18 සිට රු. 335.48 දක්වා ඉහළ ගොස් ඇත. කොමර්ෂල් බැංකුවේ (Commercial Bank) ඇමරිකානු ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 325.09 සිට රු. 325.33 දක්වාත්, විකුණුම් අනුපාතිකය රු. 335.00 සිට රු. 335.25 දක්වාත් ඉහළ ගොස් තිබේ.

සම්පත් බැංකුවේ (Sampath Bank) ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 327.00 සිට රු. 327.50 දක්වා ඉහළ ගොස් ඇති අතර, විකුණුම් අනුපාතිකය රු. 335.00 සිට රු. 335.50 දක්වා ඉහළ ගොස් ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: