2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:17
පාසල් දරුවන් වෙනුවෙන් ක්රියාත්මක වන ‘සුරක්ෂා’ සිසු රක්ෂණාවරණ ගිවිසුම නව ප්රතිලාභ රැසක් ඇතුළත් වන පරිදි සංශෝධනය කිරීමට සහ එහි සේවා කාලය 2027 අගෝස්තු 31 වනදා දක්වා තවදුරටත් දීර්ඝ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
පාසල් සිසුන්ගේ සෞඛ්ය සහ ආරක්ෂණ පහසුකම් තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇති අතර, ඒ අනුව සංශෝධිත ප්රතිලාභ යටතේ දිවයින පුරා සිටින සිසුන්ට වඩාත් ඵලදායී ලෙස මෙම රක්ෂණ ආවරණය හිමිවනු ඇත.
රක්ෂණ ගිවිසුම යාවත්කාලීන කරමින් ක්රියාත්මක කිරීම ඔස්සේ සිසුන්ගේ හදිසි අනතුරු, රෝගාබාධ සහ සෞඛ්ය හදිසි අවස්ථාවලදී දෙමාපියන්ට මූල්යමය වශයෙන් ලැබෙන සහනය තවදුරටත් පුළුල් කිරීමට රජය අපේක්ෂා කරයි.
ඒ අනුව, කර්ණශංඛ උපකරණ අලුත්වැඩියාව සඳහා රුපියල් 75,000ක් දක්වා ප්රතිලාභ ලබාදීමටත්, නිදන්ගත රෝග සඳහා දීර්ඝකාලීනව ඖෂධ ලබාගන්නා සිසුන්ට රුපියල් 20,000ක් දක්වා ප්රතිලාභ ලබාදීමටත් පියවර ගෙන ඇත.
එමෙන්ම, සමේ පිළිකා හඳුනාගැනීම ඇතුළු නම් කර ඇති විශේෂ රෝග පරීක්ෂණ සඳහා රුපියල් 20,000ක් දක්වා ප්රතිලාභ ලබාදීමට ද යෝජනා කර තිබේ.
අසාධ්ය රෝග කාණ්ඩය යටතේ ආවරණය වන ප්රතිලාභ ද පුළුල් කර ඇති අතර, පිළිකා ප්රතිකාර හා ඊට අදාළ පරීක්ෂණ, PET Scan පරීක්ෂණ සහ හදිසි අනතුරු හේතුවෙන් සිදුකරන ඇතැම් සන්ධි ප්රතිස්ථාපන ශල්යකර්ම සඳහා වැයවන වියදම් ද ඊට ඇතුළත් කර ඇත. තවද, අධ්යාපන අමාත්යාංශය යටතේ පවතින ආයතන මගින් සංවිධානය කරනු ලබන අධ්යාපන චාරිකා, ක්රීඩා උත්සව ඇතුළු ක්රියාකාරකම් අතරතුර සිදුවන හදිසි අනතුරු හේතුවෙන් සිසු ජීවිත හානි සිදුවුවහොත් රුපියල් 100,000ක ප්රතිලාභයක් ලබාදීමට ද ප්රතිපාදන සලසා තිබේ. 2026 සැප්තැම්බර් 1 වනදා සිට 2027 අගෝස්තු 31 වනදා දක්වා කාලසීමාවට අදාළව මෙම නව ප්රතිලාභ ඇතුළත් කර සුරක්ෂා සිසු රක්ෂණාවරණ වැඩසටහන ක්රියාත්මක කිරීමට නියමිතය.
රජයේ පාසල්, රජයේ අනුමත පෞද්ගලික පාසල්, පිරිවෙන් සහ උපකෘත විශේෂ පාසල්වල ඉගෙනුම ලබන සිසුන්ට මෙම වැඩසටහන යටතේ ප්රතිලාභ හිමිවේ.
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:19
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:05
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
21-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26
20-10-26