2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:19
ලංකාවේ පමණක් නොව දකුණු ආසියාවේම සිටි විශාලතම හස්තියා රැකගැනීමට උවමානවක් නැති රටකට හෙන ගහන බව ප්රසිද්ධ දේශක තිස්ස ජනනායක පවසයි.
ඔහු මේ බව ප්රකාශ කර ඇත්තේ කාවන්තිස්ස ඇතා වෙඩි වැදී අසාධ්ය වී මරුමුවට පත්වීම පිළිබඳ ප්රකාශයක් ලබා දෙමිනි.
“මේ මැරුණේ ලංකාවේ ලොකුම වන ඇතා නෙමෙයි, දකුණු ආසියාවේ ලොකුම එකා.. ලොකුම කියන්නේ උසින් වැඩිම, බරින් වැඩිම, දළවල දිගින් වැඩිම. එහෙම සම්පතක් බේරා ගන්න උමනාවක් නැත්නම් රටකට, ඒ රටට ඉතින් හෙන ගහන එකේ අහන්න දෙයක් නැහැ.
මෙයාට කකුලට වෙඩි වැදිලා අමාරුවෙන් ඇවිදිනකොට අර වනජීවී ඡායාරූප ශිල්පීන් කියපුවහම මේක වෙඩිල්ලක් තියෙන්නේ කියලා. වනජීවී එකේ අය කිව්වා නෑ මේ වෙඩිල්ලක් නෙමෙයි දළයක් ඇනිලා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ ලොකු කරලා දාලා තිබුණා මේ වෙඩිල්ලක්ද? නැත්නම් දළයක්ද? කියලා. ඊට පස්සේ තමයි දැනගත්තේ වෙඩි වැදිලා කියලා. එකකට නෙමෙයි දෙකකටම වෙඩි වැදිලා.
ඒ සතාගේ කකුල තුවාල වෙලා වැටෙන්න කලින් තුවාල දැනගත්ත ගමන් මම පෝස්ට් එකකුත් දාලා මම දන්න දේශපාලනඥයින් සහ වනජීවී එකේ දන්න ඔක්කොටෝම ලියුමකුත් දාලා පෞද්ගලිකව කතා කරලා, පෞද්ගලික ඉල්ලීමක් විදිහට අනේ බන් මේක ගැන බලාපන්, ඕක වැටුනට පස්සේ වැඩක් නෑ කියලා. නමුත් මේ කාලකන්නි වැටෙනකම්ම හිටියා. ඇත්තටම මේ රට ගැන දුකයි.
කනගාටුමදායක කරුණු මොකක්ද දන්නවද? සාමාන්යයෙන් අලියෙකුටම ප්රතිකාර කරනකොට බිම වැටිලා ඉන්න, එයාගේ ඇස් දෙක වහනවා. මොකද ඒකට හේතුව එයාට මිනිස්සු යනවා පෙනුනහම කලබල වෙනවනේ. ඒක නිසා එයා ස්ට්රෙස් වෙනවනේ. දැන් මේගොල්ලෝ අලියට සේලයින් දෙනවා, කටට වතුර වක් කරනවා, දළදා මාලිගාවේ ඇත්පන්තිය බලන ඩොක්ටර් තාරක ඇවිල්ලා, ප්ලාස්ටර් එක ඇරලා, ඇහැ බලලා කිව්වා අලියා මැරිලා කියලා, නැත්නම් ඌට තාම සේලයින් දෙනවා.
බෝධිසත්වයෙක් ඇතෙක්.. මේ කාලකන්නින්ට ඒ වගේ සම්පතක් බේරගන්න තරම් උමනාවක් නෑ. මිල කරන්න බැරි සම්පතක්.. කාවන්තිස්ස මැරුණා නෙමෙයි, ඝාතනය කළා. ඒ වගේ අමිල සම්පතක් රැකගන්න බැරි පිංගුත්තරයෝ ටිකක් ඉන්න රටක තමයි අපි ඉන්නේ කියලා මතක තියාගන්න.”
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:24
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:17
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:14
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:11
2026 ඔක්තෝබර් 21, පෙ.ව. 12:05
20-10-26
20-10-26
19-10-26
19-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26
16-10-26