hit counter

2026 ඔක්‍තෝබර් මස 21 වන බදාදා

2026 ඔක්‍තෝබර් 21, ප.ව. 2:11



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගමින් ගමට කොට්ඨාස රැස්වීම් ලබන සතියේ සිට ආරම්භ කරන බව එම පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ඔහු මේ බව ප්‍රකාශ කළේ අද දින පාර්ලිමේන්තුවේදී එහි ජාතික කැඳවුම්කරු ඩී.වී චානක හා පාර්ලිමේන්ති මන්ත්‍රී චානක මාදුගොඩ සමග පැවති සාකච්ඡාවකදීය.

ආණ්ඩුවට එරෙහිව දැඩි විරෝධයක් පවතින බවත් ඔවුන් මර්දනය තුලින් රට පාලනය කිරීමට කටයුතු කරන බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.එම නිසා ගමින් ගමට ගොස් මේ ආණ්ඩුවේ අසමත්කම පිළිබඳව දැනුවත් කරම ලෙසද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ආසන සංවිධායකවරුන් ගමින් ගමට රැස්වීම් කඩිනමින් පවත්වන ලෙසට තමාගෙන් දැඩි ඉල්ලීම් කරන බවද නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මේ වන විට උද්ධමනය සියයට අටක් දක්වා ඉහළ ගොස් ඇති බවත් ආණ්ඩුවට ඒ පිළිබඳව කිසිදු වැඩපිළිවෙළක් නොමැති බවත් නාමල් රාජපක්ෂ මහතා පැවසීය.ගල් අඟුරු කන්ටේනර් හැකර් පැනීම පිළිබදව මෙන්ම මහා සංඝරත්නය හා බෞද්ධයන් පෙළා දමන මේ ආණ්ඩුවට එරෙහිව ගමින් ගමට ගොස් දැනුවත් කරන ලෙස නාමල් රාජපක්ෂ මහතා පැවසීය.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: