hit counter

2026 ඔක්‍තෝබර් මස 21 වන බදාදා

2026 ඔක්‍තෝබර් 22, පෙ.ව. 12:14



ඥාණසාර හිමියන්ගේ සිවුර සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළද, එය ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ නම් එය ජනාධිපතිවරයාගේ ස්ථාවරය බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල අනුනාහිමියෝ පවසනවා.

අපගේ යුතුකම වන්නේ ඒ සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් කිරීම බවත්, ජනාධිපතිවරයා තම ස්ථාවරයේ සිටින්නේ නම් ඒ වෙනුවෙන් ගැටුම් ඇති කරගැනීමේ අවශ්‍යතාවක් නොමැති බවත් උන්වහන්සේ සඳහන් කළා.

භික්ෂූන් වහන්සේලා යනු යුද්ධ කරන පිරිසක් නොවන බව පෙන්වා දුන් උන්වහන්සේ, ඥාණසාර හිමියන්ගේ සිවුර ඉවත් කිරීම හරහා ශාසනයේ ඓතිහාසික භූමිකාවට විශාල හානියක් සිදුවන බවද ප්‍රකාශ කළා.

එමෙන්ම, එම ක්‍රියාව සිදු කළ ආකාරයද සුදුසු නොවන බව උන්වහන්සේ පැවසුවා.

කෙසේ වෙතත්, ඥාණසාර හිමියන්ට නැවත සිවුර පිරිනමන්නේ නම්, උන්වහන්සේ බන්ධනාගාරයේ සිටියදී සිවුර ප්‍රතික්ෂේප කළේද යන්න සහ භික්ෂුත්වය අහිමි වන පරාජිකා වරදක් සිදු කර තිබේද යන්න පිළිබඳව විමසා තහවුරු කරගත යුතු බවද කොටපිටියේ රාහුල අනුනාහිමියෝ සඳහන් කළා.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාහුල හිමියන් කියා සිටියේ එවැනි වරදක් සිදු කර ඇති බව තහවුරු වුවහොත් උන්වහන්සේව ප්‍රතික්ෂේප කරන බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: