2026 ඔක්තෝබර් 15, ප.ව. 12:32
සිරගතව සිටින පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට චීවරය පලඳවා, කොන්දේසි විරහිතව ජනාධිපති සමාව ලබාදී නිදහස් කළ යුතු බව පූජ්ය බලංගොඩ කස්සප හිමියෝ ප්රකාශ කරති.
ඥානසාර හිමියන්ට නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් සංවිධානය කර ඇති “සිවුරට යුක්තිය – නිදහසේ පාද යාත්රාව” අද (15) කොළඹට ළඟාවීමට නියමිතව තිබේ.
පසුගිය 10 වැනිදා මහනුවර ශ්රී දළදා මාලිගා පරිශ්රයෙන් ආරම්භ වූ මෙම පාගමන කඩුගන්නාව, කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව සහ කඩවත යන ප්රදේශ පසුකරමින් කොළඹ දෙසට ගමන් කර තිබේ.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් බලංගොඩ කස්සප හිමියන් සඳහන් කර ඇත්තේ, පාගමනින් රැගෙන එන චීවරය ඥානසාර හිමියන්ට පලඳවා, උන්වහන්සේට කොන්දේසි විරහිතව සමාව ලබාදී නිදහස් කිරීමට කටයුතු කළ යුතු බවයි.
එමෙන්ම, සිරගතව සිටින ඥානසාර හිමියන් සම්බන්ධයෙන් රජය කඩිනම් තීරණයක් ගත යුතු බව ද උන්වහන්සේ අවධාරණය කර තිබේ.
ඥානසාර හිමියන්ට ලබාදී තිබූ ජනාධිපති සමාව සම්බන්ධයෙන් ශ්රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවෙන් අනතුරුව, අභියාචනාධිකරණය විසින් උන්වහන්සේට නියම කර තිබූ වසර හයක සිරදඬුවම ක්රියාත්මක කිරීමට නියෝග කර තිබිණි.
ඒ අනුව, ඥානසාර හිමියන්ට නැවත නිදහස ලබාදෙන ලෙස ඉල්ලා මහා සංඝරත්නයේ පිරිසක් මෙම පාගමන සංවිධානය කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් රට තුළ විවිධ අදහස් පළවෙමින් පවතී.
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:14
2026 ඔක්තෝබර් 15, ප.ව. 12:05
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 10:12
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 9:45
2026 ඔක්තෝබර් 15, පෙ.ව. 12:36