2026 නොවැම්බර් 04, පෙ.ව. 12:13
ලංකාවේ කලා ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන අමායා ප්‍රනාන්දු සහ ඇගේ සැමියා වන යොහාන් ප්‍රනාන්දු ගැන මේ දවස්වල සමාජ මාධ්‍ය හරහා ලස්සන කතාබහක් නිර්මාණය වෙලා තියෙනවා.
ඒ අලුත විවාහ වූ තම ආදරණීය බිරිඳ ගැන යොහාන් සමාජ මාධ්‍යයේ තබා තිබූ අපූරු සටහනක් සහ ඒ ආශ්රිත අදහස් නිසායි.
තම ජීවිතයේ හැම මොහොතකම තමන්ව බලාගනිමින්, අසීමිත ආදරයක් ලබා දෙන බිරිඳක් ලැබීම කොතරම් නම් භාග්‍යයක්ද යන්න පෙන්වා දෙමින් යොහාන් ඉතාමත් සංවේදී අදහසක් ප්‍රකාශ කර තිබෙනවා. “අමායා මට අම්මා වගේ, සමහර විට මෙයා මට අම්මා වගේ දැනුන නිසා වෙන්න ඇති හිත ගියේ…” යනුවෙන් ඔහු පවසා තිබෙන්නේ සිය බිරිඳ තමන්ට ලබාදෙන රැකවරණය සහ අසීමිත මව්පිය ස්නේහය වැනි සෙනෙහසයි.
තමන්ට අමායාගෙන් තමන්ගේ අම්මවම හමුවූ බවත්, තාවකාලික සබඳතාවලින් එහා ගිය ගැඹුරු ආදරයක් ඇයගෙන් ලැබෙන බවත් ඔහු පෙන්වා දී තිබෙනවා.
ස්වාමිපුරුෂයෙක් තමන්ගේ බිරිඳ දෙස බලමින් “ඇය මට අම්මා කෙනෙක් වගේ බලාගන්නවා” යැයි පවසනවා නම්, අමායා කොතරම් නම් හොඳ, කාරුණික සහ ආදරණීය බිරිඳක් විය යුතුද යන්න මේ ප්‍රකාශයෙන් මනාව පැහැදිලි වෙනවා. ජීවිතයේ සැබෑ සහකාරියකගේ සෙනෙහස, කැපවීම සහ අගය මතුකරන මෙම හද කම්පා කරවන මෙන්ම ලස්සන කතාවට මේ වන විට ප්‍රේක්ෂකයන්ගෙන්ද ඉතා ඉහළ ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා.
2026 නොවැම්බර් 04, පෙ.ව. 12:20
2026 නොවැම්බර් 03, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 02, පෙ.ව. 12:08
2026 නොවැම්බර් 01, පෙ.ව. 12:25
2026 ඔක්තෝබර් 31, පෙ.ව. 12:18
04-11-26
04-11-26
04-11-26
04-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
03-11-26
02-11-26
02-11-26
02-11-26
02-11-26