hit counter

2026 නොවැම්‍බර් මස 02 වන සඳුදා

2026 නොවැම්‍බර් 03, පෙ.ව. 12:17



බොලිවුඩය හොල්ලපු  සුපිරි  තරුව අමිතාබ් බච්චන් ඉරිදා දිනයේදී මුම්බායි හි පිහිටි ඔහුගේ නිවස අසලදී රසිකයන් හමු ව තිබෙනවා. නමුත් මෙවර ඔහු පෙනී සිටියේ වෙඩි නොවදින වීදුරු ආවරණයකට මුවා වෙමින් බව සදහන් වේ.

 තවද ඔහු රසිකයන් හමුවන්නේ එළිමහනේ වුවද, මෙවර ඊට වෙනස් ක්‍රමයක් අනුගමනය කර තිබීම මෙම සිදුවීමේ විශේෂත්වයකි.

 මෙම අමතර ආරක්ෂක පියවර ගෙන ඇත්තේ ඔහුගේ නිවස ඉලක්ක කර ගනිමින් බෝම්බ තර්ජනයක් එල්ල වී ඇති බවට වාර්තා වීම සහ නළු ටයිගර් ෂ්‍රොෆ් සම්බන්ධ වෙඩි තැබීමේ සිදුවීම වාර්තා වීම හේතුවෙන් බව වාර්තා වේ

දශක ගණනාවක සිට ඉරිදා දිනවල රසිකයන් හමුවීමේ සම්ප්‍රදාය අඛණ්ඩව පවත්වාගෙන යන 84 හැවිරිදි මෙම නළුවා සමග ඔහුගේ පුත් අභිෂේක් බච්චන්ද එක්ව තිබුණි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: