hit counter

2026 නොවැම්‍බර් මස 08 වන ඉරිදා

2026 නොවැම්‍බර් 09, පෙ.ව. 12:39



කේ.කේ. සමන් කු-මාර නමැති අයෙකු බුදුන්ගේ රස්තියාදුව නමින් කෘතියක් ලියා ඇති බවත්, ඔහු නිරාගමිකයෙකු බවත්, ජනප්‍රිය ජීව විද්‍යා ගුරුවරයෙකු වන තිස්ස ජනනායක විසින් පවසන වීඩියෝවක්, පසුගිය දින කිහිපයේ සමාජ මාධ්‍ය තුළ පැතිරෙමින් තිබුණි.

නමුත් බුදුන්ගේ රස්තියාදුව නමැති එම කෘතිය ලියා තිබුණේ කේ.කේ. සමන් කුමාර නොව, කේ.කේ. ශ්‍රී නාත් නමැති අයෙකි. ඒ අනුව, ඔහුගෙන් ජීව විද්‍යාව ඉගෙන ගැනීමට එන දරුවන් හමුවේ බොරු තොරතුරු ප්‍රචාරය කරන බවට වූ චෝදනාවක් තිස්ස ජනනායක නමැති අයට එරෙහිව සමාජ මාධ්‍යයෙන් එල්ල විය.

ඔහු මීට පෙර එම්.සී.සී. ගිවිසුම සම්බන්ධයෙන් සහ වෛද්‍ය ෂාෆී ෂිහාබ්දීන් සම්බන්දයෙන් දැක් වූ අදහස් සමාජ මාධ්‍යයේ නැවත උඩට ආවේ ය.

කෙසේ වෙතත්, කේ.කේ. සමන් කුමාර නිරාගමිකයෙකු බව පවසන ඔහුගේ වීඩියෝව, ඔහු විසින් සමාජ මාධ්‍යයට මුදා හළ එකක් නොවන බව, තිස්ස ජනනායක පවසයි. එය වෙනත් පාර්ශ්වයක් විසින් තමනාගේ අනුදැනුමකින් තොරව ප්‍රචාරය කරන ලද්දක් බව පවසන තිස්ස ජනනායක, එම පාර්ශ්වයට එරෙහිව පියවර ගන්නා බවද පවසයි.

එමෙන්ම ඔහු, තමන්ගේ එම ප්‍රකාශයෙන් කේ.කේ.සමන් ක-ුමාරට අගෞරවයක් වූවා නම්, ඔහුගෙන් සමාව අයදින බවද තිස්ස ජනනායක පවසයි





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: