hit counter

2026 නොවැම්‍බර් මස 09 වන සඳුදා

2026 නොවැම්‍බර් 10, පෙ.ව. 12:10



දුෂේනි මියුරංගි සහ චතුරංගගේ විවාහ මංගල්‍යය හා දෙවැනි ගමන වෙනුවෙන් රුපියල් කෝටි 4කට ආසන්න මුදලක් වැය වූ බව ANK Wedding & Event Planning හි නලින්ද බුලත්සිංහ හෙළිකර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් වාර්තා වන තවත් තොරතුරු අනුව දුෂේනි සහ චතුරංගගේ විවාහ මංගල්‍යය හා දෙවැනි ගමන සැලසුම් කිරීමේදී ප්‍රධාන කාර්යභාරයක් ඉටු කළ නලින්ද බුලත්සිංහ සමඟ පැවති සංවාදයකදී තමයි මේ තොරතුරු හෙළිවුණේ. එහිදී මංගල්‍යය වෙනුවෙන් වැය වූ මුදල ගැන විමසූ විට නලින්ද සඳහන් කළේ, සමස්ත වියදම රුපියල් කෝටි හතරකට ආසන්න බවයි. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 400ක් පමණ.

මේ මංගල්‍යයේ පළමු උත්සවය පැවැත්වුණේ බෝල්ගොඩ Paradise Inn Hotel හිදී. දෙවැනි ගමන පැවැත්වුණේ Cinnamon Life හෝටලයේදීයි. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික අංග සහ නවීන සැරසිලි සංකල්ප එකට එකතු කරමින් මේ උත්සව දෙකම සැලසුම් කර තිබීමත් විශේෂත්වයක්.

නලින්ද හෙළි කළ ආකාරයට, පළමු උත්සවයේ සැරසිලි සඳහා පිත්තල භාණ්ඩ විශාල වශයෙන් යොදාගෙන තිබෙනවා. දෙවැනි ගමනේදී රෝස මල් සමඟ ඇපල්, මිදි සහ දෙළුම් වැනි පලතුරුත් මේස අලංකරණයට යොදාගෙන තිබුණා. අමුත්තන්ට පැළයක් සහ ඉටිපන්දම් ඇතුළු තෑගි ලබාදී තිබූ බවත් නලින්ද සඳහන් කළා.

නමුත් මේ කෝටි හතරක වියදම සම්බන්ධයෙන් තවත් වැදගත් පැත්තක් තිබෙනවා. ඒ තමයි අනුග්‍රාහකයන්ගේ දායකත්වය. ඇතැම් භාණ්ඩ හා සේවා අනුග්‍රාහකත්වයෙන් ලැබුණු අතර, ඇතැම් දේවල් සඳහා ගෙවීම් සිදුකර තිබෙනවා. කලාකරුවන්ට ලැබෙන අනුග්‍රාහක දායකත්වය ඔවුන්ගේ ජනප්‍රියත්වය අනුව වෙනස් විය හැකි බවත්, ඉන් ඔබ්බට යන වියදම් ඔවුන් විසින් දැරිය යුතු බවත් ඔහු පැහැදිලි කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: