hit counter

2026 නොවැම්‍බර් මස 09 වන සඳුදා

2026 නොවැම්‍බර් 10, පෙ.ව. 12:30



ව්‍යාජ කෙටි පණිවුඩ සේවාවක් පිළිබඳව ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මහජනතාව වෙත අනතුරු ඇඟවීමක් සිදුකර ඇත.

පොලිසියේ රථවාහන අංශය මගින් වේග සීමා උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් දඩ මුදල් ගෙවන ලෙස දන්වමින් ජනතාව වෙත මේ වනවිට කෙටි පණිවිඩ කිහිපයක් ලැබී ඇති බව එම අමාත්‍යංශය සඳහන් කරයි.

එම පණිවිඩය සමග ලැබී ඇති “GovPay” සබැඳිය සම්පූර්ණයෙන්ම අසත්‍ය, ව්‍යාජ සහ ජනතාව නොමග යැවීම සඳහා සකස් කර ඇති සයිබර් වංචාවක් වන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

සබැඳි හරහා කිසිදු දඩ මුදලක් ගෙවීමට GovPay නිල වේදිකාව හරහා කෙටි පණිවිඩ හෝ දැනුම්දීම් සිදු කිරීමට කිසිදු අවස්ථාවක අමාත්‍යාංශය හෝ රජය පියවර ගෙන නොමැති බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

GoVPay ඩිජිටල් ගෙවීම් පද්ධතිය ක්‍රියාත්මක වන්නේ රජයේ අනුමත නිල සහ ආරක්ෂිත ක්‍රමවේදයන් යටතේ පමණක් බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

එනිසා මෙවැනි විදේශීය හෝ සැක සහිත වෙබ් අඩවි සබැඳි හෙවත් විශේෂයෙන් lygov.art වැනි ව්‍යාජ ඩොමේන් හරහා කිසිදු දඩ මුදලක් අය කිරීමක් සිදු නොකරන බවද එම අමාත්‍යංශය සඳහන් කරයි.

මෙම වංචනික පණිවිඩ මගින් පුරවැසියන්ගේ මූලික තොරතුරු සහ බැංකු ගිණුම් දත්ත සූක්ෂම ලෙස ලබා ගැනීමට උත්සාහ කරන බැවින් මෙවැනි පණිවිඩ වෙත ප්‍රතිචාර දැක්වීම සහ එවැනි සබැඳි වෙත පිවිසීමෙන් වළකින ලෙසද ජනතාවට දැනුම් දෙයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: