hit counter

2026 නොවැම්‍බර් මස 11 වන බදාදා

2026 නොවැම්‍බර් 11, පෙ.ව. 11:09



උත්සව සමයේ තෑගි පාර්සල් සම්බන්ධයෙන් කඩුවෙල මහා නගර සභාවේ නගරාධිපති රන්ජන් ජයලාල් විසින් සිදුකළා යැයි කියන ප්‍රකාශයට ලබා දෙන අනවශ්‍ය ප්‍රචාරය ගැටලුවක් බව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පවසයි.

මාධ්‍යවේදීන් නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ, රන්ජන් ජයලාල් තෑගි බෝග එකතු කරන පුද්ගලයෙකු නොවන බව තමන් ඉතා හොඳින් දන්නා බවයි.

“මට හිතෙන්නේ කඩුවෙල නගරාධිපතිතුමා කියපු කතාව පිළිබඳව හදන මතය නෙමෙයි ප්‍රශ්නය. එතුමා එහෙම මොකක් හරි කියපු කතාවක් කියලා තියෙනවා නම් ඒ කතාව කියන්නේ ඇත්තේ ඒ හිටපු පිරිසත් එක්ක මිස. එතුමා තෑගි බෝග එකතු කරන කෙනෙක් නෙමෙයි කියන කාරණය අපි ඉතාම හොඳින් දන්නවා.

රන්ජන් ජයලාල් අපේ විදුලි සේවක සංගමයේ හිටපු සභාපති. ඔහු වෘත්තීය සමිති ව්‍යාපාරයේ වැඩ කරද්දිත් අපිත් එක්ක වැඩ කරලා අත්දැකීම් තියෙන කෙනෙක්. මම හිතන්නේ ඒ කතාවට අනවශ්‍ය ප්‍රචාරයක් දෙනවා මිස කතාව ඇතුලේ සැලකිය යුතු දෙයක් නෙමෙයි කියලා තියෙන්නේ කියලා මම තමයි විශ්වාස කරන්නේ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: