2026 නොවැම්බර් 11, පෙ.ව. 12:28
පසුගිය දවස් කිහිපය පුරාවටම සමාජ මාධ්‍ය හරහා ලැව්ගින්නක් වගේ පැතිරුණු වීඩියෝවක් තමයි මේක.
අපේ ලාංකික සංචාරක මඟපෙන්වන්නෙක්ව විදේශිකයෙක් විසින් බෝට්ටුවකින් එකපාරටම මුහුදට තල්ලු කරන දර්ශනයක් තමයි මේ වීඩියෝවේ තිබුණේ. මේ සිදුවීම ලංකාවේ විතරක් නෙවෙයි, ජාත්‍යන්තරය පුරාමත් ලොකු කතාබහක් නිර්මාණය කළා.
රුසියානු ‘ආර්.ටී.’ (RT) මාධ්‍ය ආයතනය පවා මේ වීඩියෝව ඔවුන්ගේ ජාලයන්හි බෙදාගෙන තිබුණා. වීඩියෝවේ පේන විදිහට මේ ලාංකික ගයිඩ් මහත්තයා පාඩුවේ කෑමක් කකා ඉන්නකොට තමයි, එතන හිටපු ඊශ්‍රායල් ජාතික සංචාරකයා හදිසියේම ඔහුව වතුරට තල්ලු කරන්නේ. මේක දැක්කම ඕනෑම කෙනෙකුට කේන්ති යනවා නේ. ඉතින් ලෝකේ වටෙන්ම මේ සංචාරකයින්ගේ හැසිරීමට දැඩි විරෝධයක් එල්ල වුණා. ගොඩක් අය කිව්වේ තමන්ගේ රටට ආපු විදේශිකයින් අපේ අයට මේ විදිහට පහත් විදිහට සලකන එක අනුමත කරන්න බැහැ කියලයි.
හැබැයි මේ කතාවේ අලුත්ම හැරවුම තමයි දැන් එළියට ඇවිත් තියෙන්නේ. මේ සිද්ධිය ගැන ඊශ්‍රායල් ජාතික පුවත්පත් කලාවේදියෙක් වගේම සමාජ ක්‍රියාකාරිකයෙක් වෙන ඩැනියෙල් අම්රාම් අදාළ සංචාරකයින්ගෙන් අහලා අලුත් පැහැදිලි කිරීමක් කරලා තියෙනවා. ඔහු කියන විදිහට, මේ සිද්ධියට සම්බන්ධ ඊශ්‍රායල් සංචාරකයින් කියලා තියෙන්නේ “ඒක නිකන්ම නිකන් විහිළුවක් විතරයි” කියලයි!
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:10
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:09
2026 නොවැම්බර් 08, පෙ.ව. 12:07
2026 නොවැම්බර් 07, පෙ.ව. 12:18
11-11-26
11-11-26
10-11-26
10-11-26
10-11-26
10-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
07-11-26
07-11-26