2026 නොවැම්බර් 11, ප.ව. 12:03
ජපානයේ සෝකා විශ්වවිද්‍යාලයෙන් උපාධියක් හිමිකරගනිමින් ජාත්‍යන්තර අවධානයට ලක්වූ ශ්‍රී ලාංකික සමාජ මාධ්‍ය නිර්මාණකාරිනියක වන ආශා නයෝමි වීරවර්ධන හෙවත් ‘නයෝමිචාන්’ගේ හදිසි අභාවය පිළිබඳ පුවත නොවැම්බර් 10 වැනිදා රාත්‍රියේ වාර්තා වීමත් සමඟ මෙරට මෙන්ම විදෙස්ගත ශ්‍රී ලාංකික ප්‍රජාව අතර ද දැඩි ශෝකයක් පැතිර ගොස් තිබේ.
යූටියුබ්, ටික්ටොක් සහ ඉන්ස්ටග්‍රෑම් ඇතුළු සමාජ මාධ්‍ය වේදිකා ඔස්සේ විශාල රසික පිරිසක් දිනාගෙන සිටි ඇය, සිය කුලුඳුල් දරුවාගේ උපත වෙනුවෙන් මහත් සතුටකින් සහ බලාපොරොත්තු රැසක් සමඟ සූදානම් වෙමින් සිටි අවස්ථාවක මෙලෙස ජීවිතයෙන් සමුගැනීම බොහෝ දෙනාට අදහාගත නොහැකි පුවතක් බවට පත්ව ඇත.
1993 ජුනි 12 වැනිදා උපත ලැබූ නයෝමි මියයන විට 33 වැනි වියේ පසුවූවාය. ජපාන ජාතික සැමියා වන කේචාන් සමඟ ගත කළ සුන්දර පවුල් ජීවිතය ඇයගේ සමාජ මාධ්‍ය අන්තර්ගතයන්හි ප්‍රධාන අංගයක් විය. ඔවුන්ගේ සුරතල් අළු පැහැති බළලා සමඟ ගත කළ කාලය, ශ්‍රී ලාංකික සහ ජපන් ආහාර සංස්කෘතීන් එකට මුසු කරමින් සැමියා වෙනුවෙන් ආහාර පිළියෙළ කිරීම මෙන්ම ජපානයේ එදිනෙදා ජීවිතයේ අත්දැකීම් ද ඇය නිරන්තරයෙන් සිය ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගත්තාය.
විශාල නිෂ්පාදන පිරිවැයක් සහිත වීඩියෝ නිර්මාණ වෙනුවට සුපිරි වෙළෙඳසැල්වල සාප්පු සවාරි යාම, නිවසේ දෛනික කටයුතු සහ සාමාන්‍ය ජීවිතයේ සුන්දර අවස්ථා සරලව හා ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කිරීම ඇයගේ ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවක් විය.
එම අව්‍යාජ ඉදිරිපත් කිරීමේ රටාව හරහා යූටියුබ්, ඉන්ස්ටග්‍රෑම් සහ ටික්ටොක් ගිණුම් ඔස්සේ විශාල රසික ප්‍රජාවක් ගොඩනඟා ගැනීමට ඇයට හැකි විය. එමෙන්ම ජපානයට වීසා ලබාගැනීම, එරට ජීවන වියදම් කළමනාකරණය කරගැනීම, අධ්‍යාපන කටයුතු සමඟ රැකියාවක් සමබරව පවත්වාගෙන යාම වැනි ප්‍රායෝගික කරුණු පිළිබඳව ද ඇය සිය පෞද්ගලික අත්දැකීම් ඇසුරින් තොරතුරු බෙදාගත්තාය.
එමඟින් ජපානයේ අධ්‍යාපනය ලැබීමට සහ රැකියා සඳහා විදේශගත වීමට අපේක්ෂා කළ ශ්‍රී ලාංකික තරුණ තරුණියන්ට වැදගත් මඟපෙන්වීමක් ලබාදීමට ද ඇයට හැකි විය. මීට අමතරව ටෝකියෝවේ සිට නිව්යෝර්ක් දක්වා සිදු කළ සංචාර, රූපලාවණ්‍ය උපදෙස් සහ පෞද්ගලික ජීවිතයේ විවිධ අත්දැකීම් ද ඇයගේ වීඩියෝ අතර කැපී පෙනුණි.
ඇයගේ අධ්‍යාපනික ගමන්මඟ තුළ ද විශේෂ සන්ධිස්ථාන කිහිපයක් සටහන් වී තිබිණි. ඕස්ට්‍රේලියාවේ ශිෂ්‍ය හුවමාරු වැඩසටහනකට සහභාගී වීමෙන් අනතුරුව 2022 වසරේදී ජපානයේ සෝකා විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර නිදහස් කලා උපාධිය හිමිකරගත් ඇය, පසුව ජපානයේ ඇමේසන් සමාගම සමඟ ද වෘත්තීයමය වශයෙන් සම්බන්ධ වූවාය.
පොත් කියවීම, නෙට්ෆ්ලික්ස් කතාමාලා නැරඹීම සහ ක්‍රිකට් ක්‍රීඩාව කෙරෙහි විශේෂ කැමැත්තක් දැක්වූ නයෝමි, සිය ජීවිතයේ සතුටුදායක අවස්ථා පමණක් නොව විවිධ අභියෝග ද කිසිදු ආටෝපයකින් තොරව ප්‍රේක්ෂකයන් සමඟ බෙදාගැනීමට කටයුතු කළාය.
විශේෂයෙන්ම මව් පදවියට සූදානම් වෙමින් සිටි අවසන් කාලසීමාවේ ඇයගේ වීඩියෝ නැරඹූ ප්‍රේක්ෂකයන්ට ඒ වෙනුවෙන් ඇය තුළ පැවති සතුට සහ බලාපොරොත්තු මැනවින් දැකගත හැකි විය.
මරණයට දින තුනකට පෙර, එනම් නොවැම්බර් 7 වැනිදා නිකුත් කළ ඇයගේ අවසන් වීඩියෝවෙන් ද සැමියා සමඟ ළදරු භාණ්ඩ අලෙවිසැල් වෙත ගොස් කුලුඳුල් දරුවා වෙනුවෙන් අවශ්‍ය භාණ්ඩ තෝරාගන්නා ආකාරය දැකගත හැකි විය. එ
හිදී අලුත උපන් බිළිඳා වෙනුවෙන් රෝස පැහැති කුඩා ඇඳුම් තෝරාගනිමින් මහත් උනන්දුවකින් සහ සතුටකින් සූදානම් වන ඇයගේ දසුන් බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබිණි
මව් පදවිය පිළිබඳ සිහින රැසක් සමඟ ජීවිතයේ නව පරිච්ඡේදයකට සූදානම් වෙමින් සිටි ඇයගේ හදිසි වියෝව පිළිබඳ පුවත වාර්තා වීමත් සමඟ රසිකයන් අතර දැඩි කම්පනයක් ඇති විය.
මේ අතර නයෝමිගේ මරණයට හේතු වූ කරුණු
මේ සම්බන්ධයෙන් නයෝමිගේ නැගණිය වන අයේෂා වීරවර්ධන සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ සංවේදී සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ, පවුලේ සාමාජිකයන් මේ වන විට මුහුණ දී සිටින දැඩි ශෝකජනක තත්ත්වය හමුවේ මේ පිළිබඳව පෞද්ගලිකව වැඩිදුර අදහස් දැක්වීම අපහසු බවයි.
එම සටහනේ ඇය සඳහන් කර ඇති පරිදි, දරුවා ප්‍රසූත කිරීමට යාමේදී ගර්භාෂයේ ජල පටලය (Water Bag) සම්බන්ධ සංකූලතාවක් ඇතිවීමෙන් අනතුරුව රුධිර වහනයක් සිදුව තිබේ.
එමෙන්ම දරුවා සිහි නැති කිරීමේ ක්‍රියාවලියක් යටතේ ප්‍රසූත කර ඇති අතර, ඉන් අනතුරුව නයෝමිට නැවත සිහිය ලැබී නොමැති බව ද ඇය සඳහන් කර ඇත.
නයෝමිගේ ආදරණීය නැඟණිය අයේෂා, අක්කගෙ ජීවිතේ අහිමි වුණු හේතුව ගැන කාටත් සංවේදීව විස්තර කර තිබුණා.
”බබා දැන් වෙන හොස්පිට්ල් එකක ඉන්නෙ”
”අක්කා නැති වෙන්න හේතුව, අක්කගෙ වෝටර්බෑග් එක යට වතුර ඉතුරු වෙලා ඒක ඇලර්ජික් එකක් වෙලා,
ලේ පාලනය කරගන්න බැරුව….
අක්කට සිහි නැති කරලා තමයි බබාව අරගෙන තිබුණෙ. හිරිවට්ටලා නෙවෙයි.
එයාට සිහිය ගන්න බැරි වුණා. ඩොක්ටර්ස්ලා උත්සාහ කළා සිහිය ගන්න. හරි ගියේ නෑ.”
2026 නොවැම්බර් 11, පෙ.ව. 9:43
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:28
2026 නොවැම්බර් 11, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 10, පෙ.ව. 12:10
2026 නොවැම්බර් 09, පෙ.ව. 12:09
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
11-11-26
10-11-26
10-11-26
10-11-26
10-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
09-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26
08-11-26