hit counter

2026 නොවැම්‍බර් මස 13 වන සිකුරාදා

2026 නොවැම්‍බර් 13, ප.ව. 4:13



බංකොලොත්භාවයට පත්ව තිබූ රට ආර්ථික ස්ථාවරත්වයට ගෙන ඒමෙන් පසු, ආර්ථික පරිවර්තනයක් කරා ගෙන යාමේ හැරවුම් ලක්ෂ්‍යයක් ලෙස රජයේ තුන්වැනි අයවැය ඉදිරිපත් කළ බව නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පවසයි.

එමෙන්ම, මෙවර අයවැය රටේ ජනතාවගේ සිහින බොඳ කළ එකක් බවට විපක්ෂ නායකවරයා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ද ඔහු ප්‍රතිචාර දැක්වීය.

රටේ තරුණ පරපුරේ සිහින විනාශ කළ දේශපාලන පසුබිමක සිටින පුද්ගලයකු මෙවැනි ප්‍රකාශයක් කිරීම විමතියට කරුණක් බව ඔහු සඳහන් කළේය.

2027 අයවැය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ, රටේ දේශපාලන සංස්කෘතිය, සමාජය සහ ආර්ථිකය පරිවර්තනය කරන බවට බලයට පත්වීමට පෙර ජනතාවට ලබාදුන් පොරොන්දුව අනුව රජය කටයුතු කරමින් සිටින බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙසේ පැවසීය.

”අපේ රජය පත්වෙලා තුන්වෙනි අයවැය ලේඛනයේ ගරු ජනාධිපතිතුමා අයවැය කතාවේදී අවසානය ඉවර කරනවා අවසාන වාක්‍ය ටිකේ මෙහෙම වාක්‍යයක් කියනවා. අවසානයේ අප දරුවන්ට අප ඉතිරි කර යා යුත්තේ අපි එකිනෙකාට වඩා කොතරම් ඉහළින් සිටියාද කියන කතාව නෙවෙයි. අපි සියලු දෙනා එකතුවී මේ රට කොතරම් ඉහළට ඔසවා තැබුවද කියන කතාව. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමියනි, වසර දෙකක් අවසානයේ බංකොලොත්භාවයට පත්වෙච්ච රටක් ආර්ථික ස්ථායිකරණයට ලක් කරලා, අවුරුදු දෙකකට පස්සේ අපි මේ හැරවුම් ලක්ෂයක් ගන්න. ඒ කියන්නේ ආර්ථික පරිවර්තනය කරන්න අයවැය ලේඛනය ඉදිරිපත් කරපු අවස්ථාව. අපි කිව්වා බලයට එන්න කලින් අපි මේ රට පරිවර්තනයක් කරනවා කියලා. මේ රටේ දේශපාලන සංස්කෘතිය පරිවර්තනය කරනවා කිව්වා. මේ රටේ සමාජය මේ යන විදිය වැරදියි, මේක අපි පරිවර්තනය කරනවා කිව්වා. ඒ වගේම අපි මේ රටේ ආර්ථික පරිවර්තනය කරනවා කිව්වා. මේ ආර්ථිකය පරිවර්තනයේ නැඹුරුම් ලක්ෂ්‍ය ගන්න අවස්ථාව තමයි අපේ තුන්වෙනි අවුරුද්දේ මේ ඉදිරිපත් කරපු අයවැය ලේඛනය. මේකේ විශේෂත්වයක් වුණා. විපක්ෂයේ පිළිතුරු කතාව ඉදිරිපත් කරනකොට මෙච්චර කාලයක් අපි දැක්කේ, විපක්ෂයේ පිළිතුරු කතාව ඉදිරිපත් කළේ අපි ගත්තොත් 2021 ඉඳලා 2026 වෙනකන්ම යම්කිසි ආර්ථිකය පිළිබඳව ප්‍රමාණාත්මක දැනුමක් තියෙන ගරු මන්ත්‍රීවරයෙක් තමයි විපක්ෂයේ පිළිතුරු කතාව ඉදිරිපත් කළේ. 2024 විතරක් එරාන් වික්‍රමරත්න මැතිතුමා, අනිත් හැම අවුරුද්දකම වගේ ආචාර්ය හර්ෂ ද සිල්වා ගරු මන්ත්‍රීතුමා තමයි පිළිතුරු කතාව ඉදිරිපත් කළේ. හැබැයි අද එක් වෙනසක් වෙලා විපක්ෂ නායකතුමා කතාව ඉදිරිපත් කළා. මට තේරෙන්නේ නැහැ මොකක්ද කිව්වේ කියලා. එතුමා එක අවස්ථාවක් කියනවා මේක ඇවිල්ලා අපේ රටේ හීන බොඳ කරපු අයවැයක් කියලා. මට හිතාගන්න බැහැ මොකක්ද හීන බොඳ කරේ කියලා. මේ රටේ තාරුණ්‍යයේ හීන මරලා දාපු පියානෝගේ පුතා ඇවිල්ලා කියනවා, පුතානෝ ඇවිල්ලා කියනවා මේ රටේ හීන බොඳ කරන අයවැයක් කියලා. එක් අවස්ථාවක කියනවා මේ අයවැය ලේඛනය ඇවිල්ලා මහා පාවාදීමක් කියලා.”   





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: