hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 19, පෙ.ව. 12:28



අද (19) දිවයින පුරා සියලුම පාසල්වලදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ මූලික දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ පාසල් මට්ටමේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක් පැවැත්වීමට නියමිතව ඇත.

මෙම වැඩසටහනේ මූලික අරමුණ පාසල්වල ගුරුභවතුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය වෙත නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය පිළිබඳ මූලික අවබෝධයක් ලබාදීමයි.

මීට අමතරව, ඒ පිළිබඳ වැඩිදුර අවබෝධයක් ලබාගැනීම සඳහා පරිශීලනය කළ යුතු නෛතික ලේඛන සහ දැනුවත් වීමේ ක්‍රමවේදයන් ද මෙහිදී හඳුන්වා දීමට නියමිත බව සඳහන් වේ.

අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකය සඳහන් කළේ මෙම වැඩසටහන සඳහා අවශ්‍ය සියලුම ඉගෙනුම් ආධාරක මාර්ගගත ක්‍රමවේදය (Online) ඔස්සේ දිවයිනේ සියලුම විදුහල්පතිවරුන් වෙත මේ වන විටත් ලබා දී ඇති බවයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: