hit counter

2026 නොවැම්‍බර් මස 19 වන බ්‍රහස්පතින්දා

2026 නොවැම්‍බර් 19, පෙ.ව. 12:12



මාලිමා රජය බලයට පත් වීමෙන් පසු තමන්ගෙන් කිසිදු අමතර බද්දක් අයකර නොමැති බවත්, රජය ආදායම් බදු ගෙවන කිසිම ගුරුවරයෙකුට අමතර බද්දක් පනවා නොමැති බවත් දේශක තිස්ස ජනනායක පවසනවා.

සිය නිල ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින්, ඔහු මේ බව සඳහන් කර තිබේ.

තමන් ආදායම් බදු ගෙවීම ආරම්භ කළේ 1998 වසරේදී ස්වකැමැත්තෙන් ස්වතක්සේරු ආදායම් බදු ගෙවන්නෙකු ලෙස බවත් දේශක තිස්ස ජනනායක එම සටහනෙහි සඳහන් කර ඇත.

එම සම්පූර්ණ සටහන පහතින්,

උපුටාගැනීමයි ;

”තිස්ස සර්ගේ TAX ප්‍රශ්නය

  1. මුලින්ම කිවයුතු වන්නේ තිස්ස ජනනායක වන මා හට මාලිමා රජය බලයට පත් වීමෙන් පසු කිසිදු අමතර බද්දක් අයකර නොමැති බවයි. මා වෙත තියා ආදායම් බදු ගෙවන කිසිම ගුරුවරයෙකුට අමතර බද්දක් පනවා නැත.
  2. මා ආදායම් බදු ගෙවීම ආරම්භ කළේ 1998 වසරේදී ස්වකැමැත්තෙන් ස්වතක්සේරු ආදායම් බදු ගෙවන්නෙකු ලෙසයි. ගෙවූ ආදායම් බදු මුදල ද මීට අමුණා ඇත. එය එකල රු. 288කි.
  3. එතැන් සිට මේ වන තෙක් (2026) පුරා වසර 28ක් තිස්සේ අතිවිශාල මුදලක් රජයට ආදායම් බදු ලෙස ගෙවා ඇත. කාට හෝ අවශ්‍ය නම් මුල් ලියකියවිලි සියල්ල මා සතුව ඇත.
  4. Individual Income Tax (IIT) හෙවත් පුද්ගල ආදායම් බද්ද සහ Social Security Contribution Levy (SSCL) හෙවත් සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද ලෙස බදු දෙකක් පවතී.
  5. SSCL නව බද්ද පනවනු ලැබුවේ 2021 ඔක්තෝබර් සිට 2022 සැප්තැම්බර් දක්වාය. මෙය ලාභය මත නොව දළ ආදායම හෝ පිරිවැටුම මත පැනවෙන බද්දකි. වාර්ෂික පිරිවැටුම දස ලක්ෂ 120 ඉක්මවූ අයට පමණක් මේ බද්ද පැනවිණි.
  6. මගේ ආදායම ද වාර්ෂිකව දස ලක්ෂ 120 ඉක්මවා ඇති බැවින් 2022 වසරේ සිට එම බද්ද ද මට ගෙවීමට සිදු විය.
  7. එබැවින් මට විශාල බදු මුදලක් ගෙවීමට සිදු වූයේ 2022 වසරේ සිටයි. එය මෙම රජය විසින් පැනවූ බද්දක් නොවේ.
  8. මේ බදු මුදල ගෙවීමට මා විසින් කාලයක් ඉල්ලා සිටි අතර, ඒ කාලය තුළ බදු මුදල ගෙවාගෙන යමින් සිටිමි. බදු නොගෙවා සිටීම හෝ බදු පැහැර හැරීම හෝ බදු වංචා කිරීමක් කිසිවිට සිදුකර නැත.
  9. එසේම මගේ සහ මගේ දරුවන්ගේ නමට පවා ඇති සියලුම නිශ්චල, චංචල දේපළ සියල්ලකම තොරතුරු, බැංකු ගිණුම් විස්තර දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ලබා දී ඇත.
  10. මට පෞද්ගලිකව අපහාස කරන අයට කිවයුතු වන්නේ (2026) මේ වසර තුළ මේ වන විට රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයකට වඩා බදු මුදලක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගෙවා ඇති බවයි.
  11. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඉතාම කාර්යක්ෂම හා කරුණික ලෙස බදු ගෙවන්නාට පීඩනයක් ඇති නොවන පරිදි බදු මුදල් අයකර ගන්නා බවත්, බදු මුදල් නොගෙවා සිටියහොත් අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බවත්, නඩු පවරා ඉන්පසු සිර දඬුවම් ලබාදෙන බවත් සැමදෙනා දැනගත යුතු කරුණකි.
  12. මට ශ්‍රී ලංකාවේ කිසිදු අධිකරණයක එවැනි බදු නොගෙවීම පිළිබඳ නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නැති බව ද මෙයින් දන්වා සිටිමි.

උපුටාගැනීම අවසන්…..





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: