2026 නොවැම්බර් 20, පෙ.ව. 12:19
ඊයේ (19) පාර්ලිමේන්තු අයවැය විවාදයට එක්වෙමින් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පැවසුවේ මේ වනවිට රාජ්‍ය සේවයේ වැඩකටයුතු සිදුකරගෙන යනු ලබන්නේ ඉතා අසීරු තත්ත්වයකින් බවයි.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ,
“වැටුප් පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තිබෙනවා. රාජ්‍ය සේවය ඇත්තටම වැඩකරගෙන යන්නේ හරිම අමරුවෙන්. ඉන්න අයත් රට හැරයන ප්‍රවණතාවයක් තිබෙනවා. ඉංජිනේරු ක්ෂේත්රයේත් බරපතල ප්‍රශ්නයක් තියෙනවා. ඒක අයවැයෙන් විසඳන්න බැහැ. වෙනම උත්තර හොයන්න කියලා රාජ්‍ය සේවයට අත තිබ්බොත් මුළු රාජ්‍ය සේවයම බරපතල අවුලකට යනවා. අපි සියළු වෘත්තීය සමිතිවලින් ඉල්ලනවා මේ දෙසැම්බර් 31ට කළින් වැටුප් ප්‍රශ්න ගැන සහ ඒ අයගේ යෝජනා වැටුප් කොමිෂන් එකට ඉදිරිපත් කරන්න කියලා. ඒ හරහා තමයි අපිට මේකට ස්ථීර, විද්‍යාත්මක උත්තරයක් හොයාගන්න වෙන්නේ. “
2026 නොවැම්බර් 20, පෙ.ව. 12:37
2026 නොවැම්බර් 20, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 20, පෙ.ව. 12:15
2026 නොවැම්බර් 20, පෙ.ව. 12:12
2026 නොවැම්බර් 20, පෙ.ව. 12:07
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
20-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
19-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26
18-11-26