2026 නොවැම්බර් 24, පෙ.ව. 12:15
අත්පිට මුදල් මඟින් ඉඩම්, දේපළ සහ වාහන ඇතුළුව රුපියල් 500,000 ඉක්මවන ගනුදෙනු සිදු කිරීම, පවතින බදු රෙගුලාසි යටතේ ඉහළ බදු වගකීම්වලට යටත් වීමට සිදු විය හැකි ක්‍රියාවක් බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ අනුමත ගෙවීම් පද්ධතියෙන් බැහැරව, මුදලින් පියවනු ලබන රුපියල් 500,000 ඉක්මවන ව්‍යාපාරික වියදම්, බදු අය කළ හැකි ආදායම ගණනය කිරීමේදී ‘අඩු කළ හැකි වියදම්’ ලෙස පිළිගනු නොලබන බවයි.
යම් ව්‍යාපාරයක් වියදමක් සඳහා රුපියල් මිලියන 1 ක මුදලක් මුදල් වශයෙන් ගෙවන්නේ නම්, එම මුදල බදු අඩු කිරීමක් ලෙස පිළිගැනීම ප්‍රතික්ෂේප කරනු ලබන අතර, ඒ සඳහා එම ව්‍යාපාරයේ බදු අය කළ හැකි ලාභය රුපියල් මිලියන 1 කින් වැඩි වන බව ඔහු පෙන්වා දෙනවා.
එහි ප්‍රතිඵලයක් ලෙස, 30% ක සම්මත ආයතනික ආදායම් බදු අනුපාතයට යටත් වන ව්‍යාපාරයකට රු. 300,000 ක අමතර බදු වගකීමකට මුහුණ දීමට සිදුවිය හැකියි.
එම නිලධරයා සඳහන් කළේ ඉඩම් විකිණීමෙන් ලැබෙන බදු අය කළ හැකි ලාභය ගණනය කිරීමේදී ද මෙවැනිම සීමාවන් අදාළ වන බවයි.
උදාහරණයක් ලෙස, යම් පුද්ගලයෙකු රුපියල් මිලියන 09කට ඉඩමක් මිල දී ගෙන, පසුව එය රුපියල් මිලියන 10කට විකුණන්නේ නම්, අදාළ බදු නීතිවලට යටත්ව සාමාන්‍යයෙන් බදු අය කළ හැකි ලාභය වන්නේ රුපියල් මිලියන 01 ක් බවත්, නියමිත ගෙවීම් ක්‍රමවේදයන් උල්ලංඝනය කරමින් මුදලින් ගනුදෙනුව සිදු කර ඇත්නම්, එම රුපියල් මිලියන 09 ක අත්පත් කර ගැනීමේ පිරිවැය බදු අරමුණු සඳහා පිළිගනු නොලැබිය හැකි බවත් සඳහන්.
එවැනි අවස්ථාවකදී, සැබෑ ලාභය වන රුපියල් මිලියන 01 වෙනුවට, රුපියල් මිලියන 10 ක සම්පූර්ණ විකුණුම් මිල මත බදු අය කළ හැකි ලාභය ගණනය කිරීමට සිදු විය හැකි බව අදාළ නිලධාරියා සඳහන් කළා.
දේශීය ආදායම් දෙපාර්තමේන්තු නිලධාරියා වැඩිදුරටත් පැවසුවේ විධිමත් මූල්‍ය මාර්ග හරහා ගනුදෙනු කිරීම දිරිමත් කිරීම, විනිවිදභාවය ඉහළ නැංවීම සහ ස්ථාපිත බදු ක්‍රමයෙන් පිටත සිදුවන මූල්‍ය ක්‍රියාකාරකම් නියාමන රාමුව තුළට ගෙන ඒම මෙම සීමාවන්හි අරමුණ බවයි.
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:23
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:18
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:17
2026 නොවැම්බර් 24, පෙ.ව. 12:15
24-11-26
24-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
23-11-26
22-11-26
22-11-26
22-11-26
22-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
21-11-26
20-11-26
20-11-26